Sunday, August 11, 2013

02 දත්ත සහ තොරතුරු -

දත්ත


දත්ත යනු කිසිදු ආකාරයකින් සකස්කිරීමකට භාජනය නොවුණ කරුණු වේ. නැතහොත් යම් දෙයක් විස්තර කරන අමු සාධක වලට දත්ත යැයි කියමු. එනම් දත්ත යනු යම් කරුණක් සඳහා ක‍්‍රියාවලියට භාජනය නොවූ අර්ථයෙන් අඩු අමු සාධකයි. දත්ත විවිධ ආකාර වලින් පැවතිය හැකි ය.
  • වගන්ති - Text 
  • සංඛ්‍යා (1,2,3........) 
  • අක්ෂර ( A,B,C,D) 
  • විරාම ලකුණු (, . !?) 
  • විශේෂ ලකුණු (!@#$) 
  • පාලන අක්ෂර 
  • ශ්‍රව්‍ය නාද 
  • දෘෂ්‍ය (visual) 
  • රූප ( තිත්, රේඛා, හැඩතල, පින්තුර, රූපසටහන්) 

දත්ත වර්ගීකරණය

මූලික වශයෙන් දත්ත කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකි ය.
  1. සංඛ්‍යත්මක දත්ත - Quantitative Data ( උස, දිග, වයස, ළමුන්ගණන) 
  2. සංඛ්‍යාත්මක නොවන දත්ත - Qualitative Data (වර්ණ, හැඩය, ශබ්ධය) 


දත්තවල ස්වභාවය

  • පිළිවෙළක් නොමැත 
  • තේරැම්ගැනීමට අපහසුයි 
  • සන්නිවේදනය කළ හැකියි 
  • සැකසීමට හැකියි 
  • තොරතුරැ සකසන අමුද්‍රව්‍යයකි. 
දත්ත සැකසීමේ ප්‍රධාන ආකාර දෙකකි. එනම්
  • අතින් දත්ත සකසිකිරීම - Manual 
  • තාක්ෂණය භාවිතයෙන් සකස් කිරීම -Technology 

තොරතුරු

තොරතුරැ යනු අමු දත්ත (Raw Data) සැකසීමෙන් ලබාගන්නාට කිසියම් අර්ථයක් ගෙනදෙන පරිදි කූමානුකූලව සකස්කරනලද දත්ත තොරතුරැ වේ.





තොරතුරු සදහාඅරමුණක් ඇත. යම්කිසි තොරතුරක් සදහා එහි අවශ්‍යතාවය ඇති පුද්ගලයකුට ඒ සදහා පුවේශ වීමට හැකි විය යුතුය. යම් තොරතුරක් යම්කිසි අයෙකුට අදාළ නොවීමටත් වෙනත් පුද්ගලයෙකුට අදාළ වීමටද හැකි ය.

තොරතුරැවල සුවිශේෂතා
  • උචිත බව 
  • පූමාණවත් බව 
  • නිවැරදි බව 
  • පැහැදිළිව තේරැම්ගතහැකි වීම 
  • නිවරදි පුද්ගලයා වෙතට ළගාවිය යුතතුය 
  • නියමිත වේලාවට සකස්වී තිබිය යුතුය 
  • නිශ්චිත වටිනාකමක් තිබිය යුතුයි 
තොරතුරැවල තත්ත්වය වැඩිදයුණු කිරීමේ හැකියාවද පවතී. ඒ සදහා පහත සාධක තොරතුරැවලට තිබිය යුතුය.
  • අදාළත්වය 
  • පූර්ණ බව 
  • නිරවද්‍යතාව 
  • පැහැදිලි බව 
  • කාල සීමාවන් 
  • සන්නිවේදනය සදහා යොදාගතහැකිවීම; 
යම්කිසි තොරතුරක වටිනාකම නීර්ණය කරනු ලබන්නේ එහි අදාළත්වය පදනම් කරගෙන ය. තොරතුරැවල වටිනාකම කාලයත් සමග අඩු වේ. තොරතුරැවල ඉහළ වටිනාකමක් ඇත්තේ ඒවා සැකසූ සැනින් ය. එනම් තොරතුරැවල ඉහළම වටිනාකම ඇත්තේ කාලය ශුණ්‍ය වන විට ය. මෙය තොරතුරැ සදහා ස්වර්ණමය නීතිය (golden rule) ලෙස අර්ථ දැක්වේ.

දත්ත සහ තොරුරැ අතර වෙනස්කම්

දත්ත
  • පිළිවෙළක් නොමැත 
  • තේරැම් ගැනීමට අපහසුයි 
  • තොරතුරැ සකසන අමුදුව්‍යකි 
  • තීරණ ගැනීමට යොදාගනි 
තොරතුරැ
  • පිළිවෙළක් ඇත 
  • තේරැමුගැනීමට පහසුයි 
  • අමුදුව්‍ය ලෙස දත්ත 
  • යොදාගනි

0 comments:

Post a Comment