Tuesday, August 13, 2013

රේරුකා මහ නාහිමියන්ගේ විශිෂෟඨතම කෘති එකතුවක්


යන්න මෙතනින්

http://www.rerukanemahanahimi.lk/book.php

Monday, August 12, 2013


පරිගණක මෘදුකාංග




පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගනකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගනක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.

පරිගනක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ. 


දෘඩාංග හා මෘදුකාංග 

දෘඩාංග (Hardware) යනු පරිගනකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.


මෘදුකාංගයක් පරිගනකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) ප්‍රධාන සැකසුම් ඒකකයට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගනකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.

දත්ත හා මෘදුකාංග 

මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.

මෙසේ ප්‍රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු, පරිගනකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ. නමුත් එම තොරතුරු ද්වීතියික මතකය (ස්ථීර මතකය) මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ.

පරිගනක සම්බන්ධ පලමු නීතිය වන GIGO (Garbage In Garbage Out) යන්නද, දත්ත හා සබැඳි අදහසකි. එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්‍රතිදානය. නිවැරදි ප්‍රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය.


  • පරිගනක ආශ්‍රිත පද්ධතියකින් නියම ප්‍රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත... 
  • නිවැරදි විය යුතුය, (Accurate). 
  • යාවත්කාල විය යුතුය, (Up to date). 
  • සම්පූර්ණ විය යුතුය, (Complete). 
  • පරස්පර විරෝධී නොවිය යුතුය, (Consistant). 

පරිගනකයක වැඩසටහනකට දත්ත ඇතුල් කිරීමේදී එම දත්ත වල නිවැරදි භාවය තහවුරු කිරීමට validation (නිවැරදිබව තහවුරු කිරීම) භාවිතා කරයි. මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් (pattern), (regular expression) හෝ අර්ථදැක්වීමකට (definition) අනුගතදැයි පරීක්‍ෂා කර බැලීමයි. මෙමගින් වැරදි දත්ත ඇතුල් කිරීමේදීම වලක්වාගත හැක. නමුත් validation නීතියක් සමත් වීම එම දත්තය නිවැරදි බව මුලුමනින්ම සනාථ නොකරයි. ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති විෂාල ඉඩකඩක් (සම්භාවිතාවක්) අඩු බවයි. එනම් validation අසමත් වූ දත්තයක් මුලුමනින්ම නිශ්ප්‍රයෝජන බවය.


වර්ග

පද්ධති මෘදුකාංග වැඩ සටහන් සම්පාදන මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස ප්‍රායෝගික පරිගණක පද්ධති ප්‍රධාන පන්ති තුනකට මෘදුකාංග පද්ධති වෙන් කරයි. මෙම වර්ගීකරණයේ මතභේදකාරී වාගේම බොහෝවිට නොපැහැදිලිය.

  • පද්ධති මෘදුකාංග (System software) 
පරිගණක දෘඪාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි. එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක , දෝෂ විනිශ්චය පිළිබද උපකරණ ,මෙහෙයන් , කවුළුමය පද්ධති , ප්‍රයෝජනවත් සේවාවන් හා තවත් දේ අඩංගුය. පද්ධති මෘදුකාංග හි අරමුණ හැකිතාක් දුර සුවිශේෂ භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය , විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඪාංගවල ලක්ෂණ , අමතර උපාංග සන්නිවේදනයන් , මුද්‍රණ යන්ත්‍රයන් , කියවන්නන් , විදහා පෙන්වීම් , යතුරු පුවරු හා තවත් දෑ වැනි කාර්යය ක්‍රම සම්පාදකට පරිවහණය කිරීමයි.

  • ක්‍රම සම්පාදන මෘදුකාංග (Programming software
සාමාන්‍යයෙන් ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිතා කරමින් පරිගණක වැඩ සටහන් හා මෘදුකාංග ලිවීමට ක්‍රම සම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි. මෙවලම් පාඨ සංස්කාරකයන්, සංග්‍රාහකයන් , පරිවර්තකයන් , බන්ධකයන් , නිදොස්කරුවන් හා තවත් දෑ අඩංගුය . සමෝධානය කළ සංවර්ධන පරිසර‍යක් (IDE) එම මෙවලම් මෘදුකාංග පොදියකට ඒකාබද්ධ කරන අතර ක්‍රම සම්පාදක හට සම්පාදනය කිරීමට , පරිවර්තනය කිරීමට , නිදොස් කිරීමට , අංශු මාත්‍රණයට , හා වෙනත් දෑ සදහා ගුණාකාර විධාන ටයිප් කිරීම / ලිවීම අවශ්‍ය නොවේ. මක්නිසාදයත් IDE සාමාන්‍යයෙන් දියුණු කළ ග්‍රාසිකාකාර පරිශීලක අතුරු මුහුණත තිබේ. (GUI – Graphical User Interface)

  • යෙදුම් මෘදුකාංග (Application software) 
අවසන් පරිශීලකයාහට විශේෂ (පරිගණක නොවන ආශ්‍රීත) මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි. නියමානුකූල යෙදීම් කර්මාන්ත ශාලා ස්වයංක්‍රීයකරණය , ව්‍යාපාරික මෘදුකාංග , අධ්‍යාපනික මෘදුකාංග, ඹෟෂධීය මෘදුකාංග / වෛද්‍ය මෘදුකාංග , පරිගණක දත්ත ගබඩා සහ පරිගණක ක්‍රීඩා අඩංගු වේ. යෙදුම් මෘදුකාංග විශාලතම භාවිතා කරන්නන් ව්‍යාපාරිකයන් වුව ද සෑම අතින්ම පාහේ යෙදුම් මෘදුකාංග ආකාරයක් මිනිස් ක්‍රියාකාරකම් ඇති සෑම ක්ෂේත්‍රයකම භාවිතා කරයි.


පද්ධති වැඩසටහන්කරනය සහ යෙදුම් මෘදුකාංග


මෙහෙයුම් පද්ධතියක් යනු ප්‍රධාන වශයෙන් ම පරිගනකයේ ඇති දෘඩාංග, මතකය හා සැකසුම් කාල අවකාශය පාලනය කරන වැඩසටහනකි. මීට අමතරව පරිගනකය මත ක්‍රියා කරන යෙදුම් මෘදුකාංග සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමද ඉතා වැදගත් අංගයකි.

පද්ධති මෘදුකාංගයක් මගින් කෙලින්ම පරිගනකයේ දෘඩාංග ක්‍රියා කරවන අතර යෙදුම් මෘදුකාංගයක් ක්‍රියා කරන්නේ මෙහෙයුම් පද්ධතිය මතය. එනම් යෙදුම් මෘදුකාංගයක් පරිගනක පද්ධතියට බලපෑම් කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහාය. යෙදුම් මෘදුකාංගයේ ඇති යාන්ත්‍රික උපදෙස් මාලාව මෙහෙයුම් පද්ධතිය මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර දෘඩාංග ප්‍රධාන සැකසුම් ඒකකයට ලබා දෙයි.

මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යෙදුම් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය මතට සීමා වීමයි. එනම් එක් මෙහෙයුම් පද්ධතියක් සඳහා නිර්මානය කරන ලද යෙදුම් මෘදුකාංගයක් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා නොකිරීමයි.

Virtual Machine 

මෙයට විසඳුමක් වශයෙන් Virtual Machine යන සංකල්පය බිහි විය. එහිදී සිදු වන්නේ යෙදුම් මෘදුකාංගය එක් මෙහෙයුම් පද්ධතියකට සීමා නොවන ලෙස තනා, එය ක්‍රියා කිරීම සඳහා නොයෙක් මෙහෙයුම් පද්ධති සඳහා වෙන වෙනම වේදිකා තැනීමයි. එවිට වෙනස් මෙහෙයුම් පද්ධති මත එකම යෙදුම් මෘදුකාංගයට ධාවනය විය හැක.

මෙහි තවත් ප්‍රධාන වාසියක් වන්නේ යෙදුම් මෘදුකාංග වැඩසටහන්කරනය පහසු වීමයි. එනම් Virtual Machine තුලම බොහෝ වැඩසටහන් සඳහා අවශ්‍ය වන පොදු libraries අන්තර්ගත වීමයි. .net platform

.net වේදිකාව (Platform) යනු මයිකෙ‍්‍රාසොෆ්ට් සමාගම විසින් .net භාවිතා කර තනන ලද මෘදුකාංග ධාවනය සඳහා නිපදවා ඇති මෘදුකාංග වේදිකාවයි.

මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ .net Intermediate Languge (අතරමැදි භාෂාව) ඇති වැඩසටහනක් පරිගනකයේ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි.

.net platform 3.5 Beta 2 JVM (Java Virtual Machine)

JVM යනු Sun Microsystems සමාගම විසින් ඔවුන්ගේ ජාවා (Java) පරිගනක භාෂාව සඳහා නිපදවා ඇති වේදිකාවයි. මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ Java Bytecode ගොනුවක් ඒ ඒ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි.

http://java.sun.com/


Mono

Mono යනු විවෘත මෘදුකාංග ව්යාපෘතියකි. මෙහි අරමුන වන්නේ මයිකෙ‍්‍රාසොෆ්ට් .net, Python මෙන්ම Sun Java වැඩසටහන් ධාවනය කල හැකි Windows, Linux, UNIX, Mac-OS.X මෙන්ම Sun Solaris මතද ක්‍රියා කල හැකි පොදු වේදිකාවක් තැනීමයි.

http://www.mono-project.com/Main_Page MSVBVM

Microsoft Visual Basic Virtual Machine යනු විශුවල් බේසික් (Visual Basic) 5.0 සහ 6.0 භාවිතා කර තැනූ වැඩසටහන් ධාවනය කිරීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට එකතු කල හැකි කුඩා DLL ගොනුවකි.



මෘදුකාංග වැඩසටහන් සහ library

library යනු පරිගනක වැඩසටහනක් හෝ කිහිපයක් තවත් වැඩසටහනක් එහි ක්‍රියාකාරීත්වයට දායක කරගැනීමයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම lybraryය එක් පුද්ගලයෙකු විසින් ලියා ඇති විට වෙනත් අයෙකුට එය තමාගේ වැඩසටහනකට බද්ධ කරගත හැකි වීමයි. එම නිසා library භාවිතය, පරිගනක වැඩසටහන්කරනය පහසු කරයි, එකම කාර්යය සඳහා නැවත නැවත එකම කේත කොටස ලිවීම වලකා කාලයත් ශ්‍රමයත් ඉතිරි කරයි.

DLL ද බලන්න

Three layers of software


බලපත්‍රය

බලපත්‍රලාභී පරිසරයක් තුළ මෘදුකාංගය භාවිතා කිරීමේ අයිතිය භාවිතා කරන්නාට ‘මෘදුකාංග බලපත්‍රය’ මගින් ලබා දේ. සමහර මෘදුකාංගවල බලපත්‍රය පැමිණෙන්නේ අදාල එකතුව මිළ දී ගැනීමෙන් පසුව වන අතර සමහර දෘඪාංග හා බැදී එන (මුල්ම උපාංග බලපත්‍රය) (OEM) සමග බලපත්‍රය හිමි වේ. අනෙක් මෘදුකාංග නිදහස් මෘදුකාංග බලපත්‍ර සේ ලබන්නාට එය වෙනස් කිරීමට හා නැවත බෙදා හැරීම සඳහා අවසර දෙමින් නිකුත් කෙරේ. මෘදුකාංග බොහෝ විට නිදහස් මෘදුකාංග හෝ සීමිත මෘදුකාංග ආකාරයෙන් දැකිය හැක. ( බලපත්‍ර කළමණාකරණය ද බලන්න) See also: Software architecture.


මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන්


සමාජයේ අළුත් පාර්ශවයක් ලෙස මෘදුකාංග භාවිතා කරන්නන් සදහා තිබිය යුතු අයිතීන් යන අදහස වඩා වර්ධනය වූවක් නොවේ. නිදහස් මෘදුකාංග සමාජය වැනි ඇතැමෙක් තමන් භාවිත කරන මෘදුකාංග නවීකරණය හා නැවත බෙදාහැරීමේ අයිතිය මෘදුකාංග භාවිත කරන්නන්ට තිබිය යුතුය යයි විශ්වාස කරයි. එක් එක් පුද්ගලයාට තම පරිගණකය පාලනය කිරීමට මෙම අයිතීන් අත්‍යවශ්‍ය බවත් එමගින් සියලු දෙනාට සහයෝගයෙන් ඔවුන් තෝරාගන්නා පරිදි සමාජයක් ලෙස එකට වැඩ කිරීම හා මෘදුකාංගයෙහි වර්ධනය වන දිශාව පාලනය කිරීමට හැකියි ලෙස ඔවුන් වාද කරති. අනෙක් පාර්ශවය , මෘදුකාංග භාවිතා කරන්නන්ට ලැබිය යුතු අයිතීන් මෘදුකාංග නිර්මාණකරුවන් තීරණය කළ යුතු යයි විශ්වාස කරයි.


ලේයර 3 

1980 සිට අද දක්වා යෙදුම් මෘදුකාංග බහුල වශයෙන් විකිණි ඇත. යමක් පරිශීලනය කර්නා බොහෝ විට එහි සම්පාදකයට වඩා වෙනස් ලෙස එය දකියි. පොදු කාරය පරිගණක (නිහිත පද්ධති ප්‍රතිඝම පරිගණක, සුපිරි පරිගණක ආදිය නොව) භාවිතා කරන්නන් සාමාන්‍යයෙන් මෘදුකාංගයක පදනම් වේදිකාව යෙදුම හා පරිශිලක ලෙස ස්ථර 3 ක් ක්‍රියාත්ක වන බව හදුනා ගෙන ඇත.


පදනම් මෘදුකාංග - මෙයට ස්ථිරාංග, උපක්‍රම ධාවක, මෙහෙයුම් පද්ධති හා නිශ්චිතවම ග්‍රැපිකරෑපී අතුරැ මුහුණක් අඩංගු වේ. එක්ව කැටි ක මෙය පරිශිලකය පරිගණකය හා එයට අදාළ අනෙකුත් උපකරණ සමග අන්තර් ක්‍රියා කිරීමට මග පාදයි. මෙම මෘදුකාංග බොහෝ විට පරිගණකයන් සමග ලබාදේ. පෞද්ගලික පරිගණක ඔබට සාමානයෙන් පදනම් මෘදුකාංගයක් වෙස් කළ හැක.


යෙදුම් මෘදුකාංග - බොහෝ විට පුද්ගලයන් මෘදුකාංගයක් කියු පමණින් හිතේ මවා ගන්නේ යෙදුම් මෘදුකාංගයනකි. පැහැදිලි උදාහරණ ලෙස office suites සහ විඩියෝ ක්‍රීඩා දැක්විය හැක. යෙදුම් මෘදුකාංගයක් බොහෝ විට වෙමම පරිගණක දෘඪාංග වලට පරිබාහිරව මිලදි ගත හැක. සමහර අවස්ථාවල පරිගණකයන් සමගම මේවා ලබා දෙන අතර එහෙත් ස්වාධිනව ක්‍රියාත්මික වන සෙසු වේ. එසේම හැමවිටම වගේ මෙහෙයුම් පද්ධතියෙන් සවාධීනව මේවා ක්‍රියාත්මක වන නමුත්ඒවා පාදන්නේවිශේෂිත පදනමක් (Platform) මුල් කරගෙනය ‍බොහෝ අය සම්පාදක (Compilers) පරිගණක දත්ත ගබඩා සහ අනෙකුත් පද්ධති මෘදුකාංග සලකන්නේ යෙදුම් ලෙසය


පිරිශීලක මෘදුකාංග - පරිශීලක මෘදුකාංග පරිගණක පද්ධතිවට එය පරිශිලනය කරන්නගේ සකස්න විද්‍යාත්මක නිරෑපණය සහ චිත්‍රක හා සජීවිකරණය සදහා පිටපත් මෙම ගණයට වැට්. ‍එස්ම ඉබලෙක්ට්‍රොනික් තැපැල් ෆිල්ටර් ද මෙම වර්ගයේ මෘදුකාංග වේ. පරිශීලය කරන්නේ මෙම මෘදුකාංග තමන් සදහාම සාදා ගන්නා අතර නිතරම එහි වැදගත්කම පරික්ෂා කර බලයි පරිශීලක මෘදුකාංග, යෙදුම් පැකේජ වලට එකතු වී ඇති උසස් ආකාරය අනුව‍ බොහෝ පරිශීකයකන් හට මිලදී ගත් යෙදුම් පැකේජ වල හා පරිශීලක මෘදුකාංග අතර වෙනම හා ඒවාට පසුව එක්වුයේ මොනවාදැයි නිසි වැටහීමක් නැත.


ලි‍ව්වේ :

නිපුනිකා රාජසේකර
නදීශාන් චතුරංග
උදාර නිලුපුල්
(ICT 10-වසර)
අන්තර්ජාලයේ ලිපි මගින් උපු‍ටා ගන්නා ලදී




නිදහස් මෘදුකාංග

නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුකාංග නොමිලේ බෙදාහැරිය යුතු අතර පුද්ගලයකු‍ට භාවිත කල හැකි වන සේ වැඩසටහන් කේතයන් සහ අවසර ලබා සදන අවසරපතක් ලබන්නා වෙතට මෘදුකාංග සමඟ පත්කල යුතුය. මෙම අවසර පත “නිදහස් මෘදුකාංග අවසරපත” නම් වන අතර එමගින් කියැවෙන්නේ අදාල මෘදුකාංගයේ කේත මහජනකරණය කළ බවයි. සෑම පරිගණක භාවිතා කරන්නකුටම නිදහස ලබා දීමේ උදාරචේතනාවෙන් මෙම “නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ” 1983 දී රිචඩ් ස්ටෝමන් විසින් ඇරඹීය. 1990 ගණන්වල සිට මේ ආකාරයේ මෘදුකාංග හැඳින්වනු ලබන්නේ “විවෘත මූලාශ්‍ර මෘදුකාංග” Open source software" යන යෙදුමෙනි තවද FOSS සහ FLOSS" යන යෙදුම්ද නිතරම භාවිත වේ. එසේම “නිදහස් නොවන මෘදුකාංග” යන යෙදුම් ඊට විරුද්ධාර්ත පදයයි. අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමකින් තොරව ලබා ගත හැකි මෘදුකාංග (freeware) වලින් නිදහස් මෘදුකාංග වෙනස් වේ. නිදහස් මෘදුකාංග වලට හිමිකාරීත්වයක් ලැබීම මෙම වෙනසයි. එසේම නිදහස් මෘදුකාංග මෙන් අන්තර්ජාලයෙන් මුදල් ගෙවිමකින් තොරව ලබා ගන්නා මෘදුකාංග අධ්‍යයනයට ,නවීකරණයට පෙර නැවත බෙදාහැරීමට පරිශීලකයාට හැකිනොවේ. මෙම වර්ග 2 අතර ඇති එකම සමාන කම වන්නේ ඕනෑම අයෙකුට භාවිත කිරීමට හැකිවීම පමණි. නිදහස් මෘදුකාංග නොමිලේ බෙදාහැරීම ඇරඹූ දා සිටම එය ගාස්තුවක් අය නොකර හෝ ඉතාම අවම ගාස්තුවක් අයකරගෙන ලබාදේ. නිදහස් මෘදුකාංග ව්‍යාපාර ආකෘති පදනම්ව ඇත්තේ සහාය ලබාදීමේ ,පුහුණු කිරීමේ, නවීකරණ කිරීමේ, ඒකාබද්ධ වීම් ,හෝ හතික කිරීම් වැනි වටිනාකම් එක් කිරීමෙනි. එමෙන්ම සමහර ව්‍යාපාර ආකෘති හරහා හිමිකාරීත්ව මෘදුකාංග ලබා දුන්නද ඒවා නිදහස් මෘදුකාංග වලින් වෙනස් වන්නේ එකී හිමිකාරීත්ව මෘදුකාංග නීත්‍යානුකූලව භාවිතයට ලබා ගත යුතු අවසර පත්‍රය ගෙවීමකින් අනතුරුව ලබාගත යුතු නියාවෙනි.


ඉතිහාසය


1950, 1960 හා 1970 දශක වල සාමාන්‍ය පරිගනක පරිශීලකයින් නිදහස් මෘදුකාංග භාවිත කළහ. මෘදුකාංග බොහෝ දුරට පරිශීලකයින් හා දෘඩාංග නිෂ්පාදකයින් මෘදුකාංග බෙදාහදා ගත් අතර එමගින් ඔවුන්ගේ දෘඩාංගවල ප්‍රයෝජනත්වය වැඩි කරනු ලැබීය. මෘදුකාංග බෙදා ගැනීමට සංවිධාන පවා පිහිටුවා ගත්හ. මෙමගින් මෘදුකාංග බෙදා හදා ගැනීම් වලට මනා සහයක් ලැබින. නමුත් 1960 න් පසු මෙම තත්වය වෙනස් විය. මෘදුකාංගයන්හි මිල විශාල වශයෙන් ඉහල ගියේය. දෘඩාංග නිපදවන සමාගම් වලට මෘදුකාංග නිපදවන සමාගම් සමග ඉතාමත් තියුනු තරගයක නියැලීමට සිදු විය. දෘඩාංග නිපදවන සමාගම් තම දෘඩාංග සමග මෘදුකාංග ලබා දෙනු ලැබුවේ එම මෘදුකාංග සදහා වන වියදමද එම දෘඩාංගය සදහා එකතු කිරීමෙනි. එහෙත් කල් යත්ම පරිශීලකයන් විසින් තම අවශයතාවයට ගැලපෙන මෘදුකාංග වෙනත් සමාගම් වලින් ලබා ගැනීමට හුරු විය. 1970 පමණ වනවිට මෘදුකාංග සමාගම් තම මෘදුකාංග එහි කේතය සමග බෙදා හැරීම නවතා දැමීය. එමගින් එහි වෙනස්කම් කිරීම හා එය අධයයනය කර නව නිෂ්පාදන සිදු කිරීම අවුරණ ලදී. 1980 වන විට මෘදුකාංග සදහාද බුද්ධිමය දේපල නීති අදාල විය.



1983 දී MIT කෘතිම බුද්ධිය සදහා වූ පරීක්ෂණාගාරයේ හැකර් ප්‍රජාවේ දීර්ගකාලීන සමාජිකයෙකු වූ Richard Stallman, විසින් GNU ව්‍යාපෘතිය ගැන හෙලි කළේය. මෘදුකාංග භාවිතය නිදහස් කිරීම ඔහුගේ අරමූණ විය. GNU මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කිරීම 1984 දී ආරම්භ විය. තවද 1985 ඔක්තෝබර් මාසයේදී නිදහස් මෘදුකාංග පෙරමුණ පිහිටුවන ලදී. ඔහු ගේ අරමුණ වුයේ අයිතීන් ඇතුලත් නොවන නිදහස් මෘදුකාංග නිර්මාණය කිරීමයි. මෙහි ආර්ථික වටිනාකම විශාල ආයතන වන IBM, Red Hat, and Sun Microsystems විසින් වටහා ගන්නා ලදී. බොහෝ සමාගම් තම කටයුතු සදහාද මෙම නිදහස් මෘදුකාංග භාවිත කරන ලදී. අඩු වියදමක් දැරීමට සිදුවීම මෙහිදී කැපී පෙනෙන වාසිය විය.Creative Commons හා නිදහස් මෘදුකාංග පෙරමුණ මෙම නිදහස් මෘදුකාංග ව්‍යාපාරයට මහත් පිටිවහලක් ලබාදුනි.

ලිව්ෙව්
නදීෂාන් චතුරංග
උදාර නිලුපුල්
නිපුනිකා රාජෙස්කර
(ICT- 10 වසර)


මවුසයේ ඉතිහාසය

ඩග්ලස් එන්ගල්බර්ට්



....පසුගියදා මියගිය මවුසයේ නිර්මාතෘවරයා ය.....



පසුගිය ජූලි 02 වැනිදා 88 වැනි වියේ සිටියදී ඩග්ලස් එන්ගල්බර්ට් මිය යන විට සැලකුම් ලබමින් සිටියේ පරිගණකය සාමාන්‍ය මහජනයාට සමීප කළ මහා විද්වතා ලෙසය. 50 සහ 60 දශකය වෙන විට විද්‍යාඥයින් පමණක් භාවිතා කරමින් සිටි උපකරණයක් වූ පරිගණකය, සාමාන්‍ය මහජනයාට භාවිතා කල හැකි සේ වෙනස් කරන්නට සමත් වූ උපාංගය වෙන මවුසය නිර්මාණය කලේ ඩග්ලස් එන්ගල්බර්ට් විසිනි.
මවුසය මගින් පරිගණක තිරයේ ටෙක්ස්ට් කපා ඉවත් කිරීම සහ නැවත ඇලවීම (Cut and Paste) කරන්නට පුළුවන් බව ඩග්ලස් එන්ගල්බර්ට් විසින් මුලින්ම ලොවට ප්‍රදර්ශනය කරනු ලැබුයේ 1968 දෙසැම්බර් 09 වැනිදාය. ඔහුගේ සංකල්පයට අනුවලොව පළමු පරිගණක මවුසය නිර්මාණය කළේ ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ (SRI- Stanford Re- search Institute) ඉංජිනේරුවෙකු වූ බිල් ඉන්ග්ලිෂ් විසිනි.
1968 දෙසැම්බරයේ සැන් ෆැන්සිස්කෝ නුවර පැවැත්වූ පරිගණක සම්මේලනයකදී (Fall Joint Computer Conference) ක්‍රියාත්මක කරවා පෙන්වූ මෙම මවුසය තනා තිබුනේ ලීයෙනි. රෝද (weel) දෙකක් තිබු එහි කිලික් කිරීමට තිබුනේ, එක් රළු බොත්තමකි. දිගු, මහතා වයරයකින් පරිගණක ජාලයකට සම්බන්ධ කළේය.

මේ මහත වයරය වලිගයක් සේ පෙනුණු අතර සම්පුර්ණ උපාංගයම සෙල්ලම් මීයෙක් වගේ යැයි ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ සේවකයෝ කීහ.ඒ තේරුමින් ඔවුහු මුල පටන්ම මෙම උපාංගය ' මවුස් (Mouse; එනම්, මියා) 'කියා හැදින්වුහ. මවුසය මුලින්ම හදුන්වා දුන් කාලයේ පරිගණක යන්ත්‍ර තිබුණේ පර්යේෂණාගාරවලය. වඩා බරැති විශාල යන්ත්‍ර වූ මේවා සමග වැඩ කරන්නට ඒ කාලයේ තනා තිබුනේ
ලී මවුස් කිහිපයකි. ඒවාද අතින් තැනූ ඒවා වුණි... එදා පටන් මේ දක්වා මවුසය නොයෙක් නොයෙක් තලයට අලුත් වෙමින් වෙළදපොලට ආවේය. රැහැන් රහිත මවුස් දා අද වන විට ලෝකයේ පවතී....

Sunday, August 11, 2013

Area 51 වලින් පිට වූ බුදු දහමේ සැගවුනු රහස්


මෙතෙක් රාහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ බුදුද්ධ ධර්මය උන්නතිය සදහාය

Area 51 හි අබිරහස...

කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස්මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේචක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වීතිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හ
ැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස්
වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණඑක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදාකඳවුර"

මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත්ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතරඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන්බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්දවෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරටඑහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණවේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින්දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යනනාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝමාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්වරහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධකේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙයඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින්සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑමශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළනොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස්කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක්ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බවසැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමිකදිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලාගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබටවැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැරග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහාපඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින්බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

මේකියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි"ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දුවූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය.නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන්උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍රදේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි.උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන්දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන්වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද"බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම්දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

එසේ නම් "තථාගත" නාමය මෙ සක්වාතළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ"නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහුඋන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේදමෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත්වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුකවිනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේරනම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

"නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"

"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීමපිණිස ද පවත්නේය"

වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

"බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝකතලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟාගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලයසහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයාරජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂමිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනයපුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළුකාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

මේඅනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැතිබවයි...!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්"සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාටවල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

මහාචාර්ය ස්ටීවන්හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහුයම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකවහමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැනයමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකමමිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත..ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණයනොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම වියයුතුය...."

"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධවිවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක්පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේඅල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත්වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?
"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමදමිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන්කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූසංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක්අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාමවාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්"දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙසපොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධයකුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන්නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත්කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදීවැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි..
එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින්අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත්කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින්නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේපෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත්විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනසඅනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේකඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේකය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයටක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාමවාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවයසැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාරගමනයි....
එසේ නම් " සාර සංඛෙ‍ය කල්පලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසිකපරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්"නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම්දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය"වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍රබැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩානොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියනගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවීවිශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණනතව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාසබ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තරසඳහා මෙතන click කරන්න)

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවිතළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒතැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙසඅමතති...



(අන්තර් ජාලය පිරික්සීමේදී හමු වූ දුර්ලබ ලිපියක් බැවින් උපුටා ගන්නා ලදී. - http://schoollk.blogspot.com/2012/11/area-51.html)

02 දත්ත සහ තොරතුරු -

දත්ත


දත්ත යනු කිසිදු ආකාරයකින් සකස්කිරීමකට භාජනය නොවුණ කරුණු වේ. නැතහොත් යම් දෙයක් විස්තර කරන අමු සාධක වලට දත්ත යැයි කියමු. එනම් දත්ත යනු යම් කරුණක් සඳහා ක‍්‍රියාවලියට භාජනය නොවූ අර්ථයෙන් අඩු අමු සාධකයි. දත්ත විවිධ ආකාර වලින් පැවතිය හැකි ය.
  • වගන්ති - Text 
  • සංඛ්‍යා (1,2,3........) 
  • අක්ෂර ( A,B,C,D) 
  • විරාම ලකුණු (, . !?) 
  • විශේෂ ලකුණු (!@#$) 
  • පාලන අක්ෂර 
  • ශ්‍රව්‍ය නාද 
  • දෘෂ්‍ය (visual) 
  • රූප ( තිත්, රේඛා, හැඩතල, පින්තුර, රූපසටහන්) 

දත්ත වර්ගීකරණය

මූලික වශයෙන් දත්ත කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකි ය.
  1. සංඛ්‍යත්මක දත්ත - Quantitative Data ( උස, දිග, වයස, ළමුන්ගණන) 
  2. සංඛ්‍යාත්මක නොවන දත්ත - Qualitative Data (වර්ණ, හැඩය, ශබ්ධය) 


දත්තවල ස්වභාවය

  • පිළිවෙළක් නොමැත 
  • තේරැම්ගැනීමට අපහසුයි 
  • සන්නිවේදනය කළ හැකියි 
  • සැකසීමට හැකියි 
  • තොරතුරැ සකසන අමුද්‍රව්‍යයකි. 
දත්ත සැකසීමේ ප්‍රධාන ආකාර දෙකකි. එනම්
  • අතින් දත්ත සකසිකිරීම - Manual 
  • තාක්ෂණය භාවිතයෙන් සකස් කිරීම -Technology 

තොරතුරු

තොරතුරැ යනු අමු දත්ත (Raw Data) සැකසීමෙන් ලබාගන්නාට කිසියම් අර්ථයක් ගෙනදෙන පරිදි කූමානුකූලව සකස්කරනලද දත්ත තොරතුරැ වේ.





තොරතුරු සදහාඅරමුණක් ඇත. යම්කිසි තොරතුරක් සදහා එහි අවශ්‍යතාවය ඇති පුද්ගලයකුට ඒ සදහා පුවේශ වීමට හැකි විය යුතුය. යම් තොරතුරක් යම්කිසි අයෙකුට අදාළ නොවීමටත් වෙනත් පුද්ගලයෙකුට අදාළ වීමටද හැකි ය.

තොරතුරැවල සුවිශේෂතා
  • උචිත බව 
  • පූමාණවත් බව 
  • නිවැරදි බව 
  • පැහැදිළිව තේරැම්ගතහැකි වීම 
  • නිවරදි පුද්ගලයා වෙතට ළගාවිය යුතතුය 
  • නියමිත වේලාවට සකස්වී තිබිය යුතුය 
  • නිශ්චිත වටිනාකමක් තිබිය යුතුයි 
තොරතුරැවල තත්ත්වය වැඩිදයුණු කිරීමේ හැකියාවද පවතී. ඒ සදහා පහත සාධක තොරතුරැවලට තිබිය යුතුය.
  • අදාළත්වය 
  • පූර්ණ බව 
  • නිරවද්‍යතාව 
  • පැහැදිලි බව 
  • කාල සීමාවන් 
  • සන්නිවේදනය සදහා යොදාගතහැකිවීම; 
යම්කිසි තොරතුරක වටිනාකම නීර්ණය කරනු ලබන්නේ එහි අදාළත්වය පදනම් කරගෙන ය. තොරතුරැවල වටිනාකම කාලයත් සමග අඩු වේ. තොරතුරැවල ඉහළ වටිනාකමක් ඇත්තේ ඒවා සැකසූ සැනින් ය. එනම් තොරතුරැවල ඉහළම වටිනාකම ඇත්තේ කාලය ශුණ්‍ය වන විට ය. මෙය තොරතුරැ සදහා ස්වර්ණමය නීතිය (golden rule) ලෙස අර්ථ දැක්වේ.

දත්ත සහ තොරුරැ අතර වෙනස්කම්

දත්ත
  • පිළිවෙළක් නොමැත 
  • තේරැම් ගැනීමට අපහසුයි 
  • තොරතුරැ සකසන අමුදුව්‍යකි 
  • තීරණ ගැනීමට යොදාගනි 
තොරතුරැ
  • පිළිවෙළක් ඇත 
  • තේරැමුගැනීමට පහසුයි 
  • අමුදුව්‍ය ලෙස දත්ත 
  • යොදාගනි