01. පරිගණකයක්
යනු:
දත්ත, තොරතුරු
බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයකි.
02. පරිගණකයේ සුවිශේෂීත:
02. පරිගණකයේ සුවිශේෂීත:
වේගය ඉහළයි, නිරද්‍යතාවය වැඩිය, කාර්‍යක්ෂමතාවය
වැඩිය,
බහුකාර්යය
වේ,
තැපත් කල
දේ නැවත ලබා
ගත හැකිය,
බුද්ධිමත්
නොවේ,
හැඟීම්
දැනීම් නැත.
03. පරිගණකයේ ප්‍රධාන කාර්යයන්:
03. පරිගණකයේ ප්‍රධාන කාර්යයන්:
ආදානය,
සැකසීම, ප්‍රතිදානය, ආචයනය, පාලනය
04. දත්ත අතින් සැකසීමේ දී මුහුණපාන ගැටළු සහ අභියෝග :
04. දත්ත අතින් සැකසීමේ දී මුහුණපාන ගැටළු සහ අභියෝග :
කාර්‍යක්ෂමතාවය අඩුය, නිරවද්‍යතාවය අඩුය, විශාල
කාලයක් ගත වීම,
විශ්වාසනීයත්වය
අඩුය,
ආදානය කළ
අනුපිළිවෙලින්ම සටහන් කිරීමට සිදුවීම, අනවශ්‍ය දත්ත මැකීමට (ඉවත් කිරීම) අපහසුය, දත්ත
යාවත්කාලීන කිරීම අපහසුය,
තැන්පත්
කිරීම සඳහා වැඩි ඉඩක් අවශ්‍ය වීම, මිනිස් ශ්‍රමය විශාල ලෙස අවශ්‍ය වීම, ස්වාභාවික
ආපදා,
සතුන්ගෙන්
වන හානි,
ගින්නෙන්
සිදුවන හානි වැනි ආකාර මගින් විනාශ වීමේ ඉඩකඩ ද වැඩි වීම.
05. ආදාන උපාංග (Input devices) යනු :
පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුලු කිරීම සඳහා යොදා ගන්නා උපාංග (මූසිකය, යතුරු
පුවරුව,
සුපරීක්ෂකය/
ස්කෑනරය ,
තීරු කේත
කියවනය,
මයික්‍රෆෝනය, සංඛ්‍යාංක
කැමරාව,
වෙබ්
කැමරාව ,
මාර්ග ගුලාව
(Track
Ball), ආලෝක පෑන, Joysticks, Pointing
Stick, Touch Pad , Touch Screen, Digitizer (Graphic Tablet)
06. ප්‍රතිදාන උපාංග (Output devices):
06. ප්‍රතිදාන උපාංග (Output devices):
පරිගණකය
මගින් සකස් කරන ලද තොරතුරු / සංඥා පිටතට ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන උපාංගයි.
සංදර්ශකය
/ මොනිටරය (Monitor),
ශබ්ද
විකාශන යන්ත්‍රය (Speaker)
හා මුද්‍රකය
(Printer),
බහුමාධ්‍ය
ප්‍රක්ෂේපන යන්ත්‍රය (Multimedia
projector)
07. ස්ථානීය උපාංග (Pointing devices):
පරිගණක තිරය මත ප්‍රදර්ශනය වන පික්සල (Pixels) සහ පික්සල කාණ්ඩ වලින් සැදුම්ලත් නිරූපක /
අයිකන (Icons)
ප්‍රවේශ
කරමින් ඒවාට සම්බන්ධ ක්‍රමලේඛන (Programs) ක්‍රියාත්මක කිරීමට සමත් උපාංගයි.
මූසිකය (Mouse),
ස්පර්ශක
තිරය (Touch
Screen), ස්පර්ශක
තලය (Touch
Pad), මාර්ග
ගුලාව (Track
Ball), ජොයිස්ටික්
(Joysticks)
08. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් :
08. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් :
·
පාලන ඒකකය (CU - Control Unit)
·
අංක ගණිතමය හා තාර්කික ඒකකය (ALU – Arithmetic &
Logic Unit)
·
රෙජිස්තර මතකය (Register Memory)
09. අංක
ගණිතමය හා තාර්කික ඒකකය (ALU):
සියළු ගණනය කිරීම්,
තාර්කික
සැසඳීම් සිදු කරයි.
10. මතක රෙජිස්තර (Register memory):
10. මතක රෙජිස්තර (Register memory):
අංක ගණිතමය හා තාර්කික ඒකකයට අවශ්‍ය දත්ත විධාන තාවකාලිකව තැන්පත් කරයි.
11. පරිගණකයෙහි වේගය / ඝටිකා වේගය හෝ හෝරා ස්පන්ද වේගය (Clock speed):
11. පරිගණකයෙහි වේගය / ඝටිකා වේගය හෝ හෝරා ස්පන්ද වේගය (Clock speed):
මධ්‍ය සැකසුම් ඒකකයේ වේගයයි. ඒකක Hz වේ. (MHz, GHz විය හැකිය.)
12. ආචයන උපාංග (බාහිර) – Storage devices:
12. ආචයන උපාංග (බාහිර) – Storage devices:
දත්ත ස්ථීරවම ගබඩා කරන මාධ්‍ය වන අතර ඒවා ද්විතීයක ආචයන (Secondary storage) මාධ්‍ය
නම් වේ.
උපාංගය
|
මාධ්‍ය
|
ධාරිතාවය
|
නම්‍ය
තැටිය (Floppy Disk)
|
චුම්භකිත
|
1.44 MB
|
සංගත
තැටි (CD – Compact Disk)
|
ප්‍රකාෂ
/ ලේසර්
|
700 MB
|
සංඛ්‍යාංක
බහුවිධ තැටි (DVD – Digital Versatile Disk)
|
ප්‍රකාෂ
/ ලේසර්
|
4.7 GB
|
දෘඩ
තැටි (Hard Disk)
|
චුම්භකිත
|
500 GB, 1 TB
|
සැනෙලි
මතක ධාවක (Pen Drive / USB Drive)
|
විද්‍යුත්
|
1 GB, 2 GB, 4 GB, 8 GB
|
චුම්භකිත
පටි (Magnetic Tapes)
|
චුම්භකිත
|
1 TB, 2 TB
|
13. පරිගණක
මව්පුවරුව (Computer
Motherboard) :
මධ්‍ය
සැකසුම් ඒකකය,
මතක ඒකක
වැනි දේ මෙන්ම පරිගණකයේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීම සඳහා සවි කරනු ලබන අමතර
පරිපථයන් (RAM
Cards, VGA Cards, Network Cards, Processor), සමහර බාහිර මෙවලම් සහ උපාංග සවි කිරීම
සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයනු ලබන්නේ පරිගණක මව්පුවරුවයි. මෙය පද්ධති පුවරුව (System Board) ලෙසින් ද
හඳුන්වයි. මව් පුවරුව මත අමතර පරිපථ සවි කිරීම සඳහා වූ ඉඩ සලසන ඒකකයන් ප්‍රසාරණ
විවරයන් (Expansion
Slots) ලෙසින් හඳුන්වනු
ලැබේ.
14. පරිගණකයේ කෙවෙණි (Ports / Slots) :
14. පරිගණකයේ කෙවෙණි (Ports / Slots) :
විදුලි රැහැන් සවිවන ස්ථානය (Power Socket ), PS/2
ආකාරයේ
කෙවෙණි, ශ්‍රේණිගත
කෙවෙනි (Serial
Ports), සමාන්තරගත
කෙවෙනිය (Parallel
Port), ජාලකරණ
කෙවෙනි (Network
Ports), පරිගණක
තිර කෙවෙනිය (Monitor
Port) / VGA Port, ශබ්ද උපාංග කෙවෙනි (Sound Ports), මොඩම් කෙවෙනිය (MODEM Port), විශ්ව ශ්‍රේණිගත
බස් කෙවෙනිය (USB
– Universal Serial Bus ) Port
කෙවෙණිය
|
සවිකරන
උපාංගය
|
විදුලි
රැහැන් සවිවන ස්ථානය (Power Socket )
|
Power Cable
|
PS/2
|
Mouse, Keyboard
|
ශ්‍රේණිගත
කෙවෙනි (Serial Ports)
|
Mouse, MODEM
|
සමාන්තරගත
කෙවෙනිය (Parallel Port)
|
Printer, Scanner
|
ජාලකරණ
කෙවෙනි (Network Ports) / RJ45
|
Network Cable
|
පරිගණක
තිර කෙවෙනිය (Monitor Port) / VGA Port
|
Monitor / Projector
|
ශබ්ද
උපාංග කෙවෙනි (Sound Ports)
|
Speaker, Microphone
|
මොඩම්
කෙවෙනිය (MODEM Port)
|
MODEM Cable
|
විශ්ව
ශ්‍රේණිගත බස් කෙවෙනිය (USB – Universal Serial Bus ) Port
|
Mouse, Keyboard, Scanner, Printer, Web Camera, Modem, Joysticks, Track
ball, Light Pen
|
HDMI කෙවෙනිය
|
Projector, TV
|
15. විශ්ව ශ්‍රේණිගත
කෙවෙනි (USB
– Universal Serial Bus) වල විශේෂ ලක්ෂණ:
01.
උපාංග
සඳහා වන ධාවක / එළවුම් මෘදුකාංග (Driver Software) ස්ථාපිත කිරීම අනවශ්‍ය වේ. Plug and Play නම් වේ.
02. උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විදුලිය කෙවෙනිය හරහාම ලබා ගැනීම.
03. පරිගණකයේ විදුලිය විසන්ධි කිරීමකින් තොරව USB ආකාරයේ උපාංග සවිකිරීම (Plug) සහ විසන්ධි කිරීමේ (Remove) හැකියාව. මෙම ක්‍රියාවලිය Hot Pluggable නැතහොත් Hot Swappable නම් වේ.
04. එක් USB කෙවෙනියක් මගින් ආකාරයේ උපාංග 127 ක් පරිගණකයට සම්බන්ධ කිරීමේ හැකියාව (USB Hub).
05. USB 2.0 ආකාරයේ වූ USB කෙවෙනි වලදී තත්පරයට මෙගාබිට්ස් 480 (480
Mbps) ක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇත’
02. උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විදුලිය කෙවෙනිය හරහාම ලබා ගැනීම.
03. පරිගණකයේ විදුලිය විසන්ධි කිරීමකින් තොරව USB ආකාරයේ උපාංග සවිකිරීම (Plug) සහ විසන්ධි කිරීමේ (Remove) හැකියාව. මෙම ක්‍රියාවලිය Hot Pluggable නැතහොත් Hot Swappable නම් වේ.
04. එක් USB කෙවෙනියක් මගින් ආකාරයේ උපාංග 127 ක් පරිගණකයට සම්බන්ධ කිරීමේ හැකියාව (USB Hub).
05. USB 2.0 ආකාරයේ වූ USB කෙවෙනි වලදී තත්පරයට මෙගාබිට්ස් 480 (480
Mbps) ක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇත’
16. ආචයනයේ ප්‍රධාන
කොටස්:
- ප්‍රාථමික
ආචයනය (Primary
storage)
- ද්විතීයක
ආචයනය (Secondary
storage)
ප්‍රාථමික
ආචයනය (Primary storage)
|
ද්විතීයක
ආචයනය (Secondary storage)
|
උපාංග
නිෂ්පාදනය කරනුයේ අර්ධ සන්නායක මගිනි.
|
උපාංග
නිෂ්පාදනය කරනුයේ චුම්භක, ප්‍රකාශ
තාක්ෂණය මගිනි.
|
RAM
|
Hard Disk, CD, DVD, Flash Drives, Magnetic Tape
|
17. මතකයේ
මූලික ආකාර:
- සම්භාවී
පිවිසුම් මතකය (Random
Access Memory - RAM)
- පඨන
මාත්‍ර මතකය (Read Only
Memory - ROM)
- වාරක
මතකය (Cache
Memory)
18.
ගති ලක්ෂණ
අනුව මතකයේ ආකාර :
- නෂ්‍ය
මතකය (Volatile
Memory)
- නෂ්‍ය
නොවන මතකය (Non –
Volatile Memory)
නෂ්‍ය
මතකය (Volatile
Memory)
|
නෂ්‍ය
නොවන මතකය (Non
– Volatile Memory)
|
තැන්පත්
කර ඇති දත්ත හා තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි වීමෙන් නැතිවී යයි.
|
තැන්පත්
කර ඇති දත්ත හා තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි වීමෙන් නැතිවී නොයයි.
|
සසම්භාවී
පිවිසුම් මතකය (RAM)
|
පඨන
මාත්‍ර මතකය (ROM)
|
19. ප්‍රධාන
මතකය (Main
Memory) / සසම්භාවී පිවිසුම් මතකය (RAM) නෂ්‍ය මතකයක් නිසා එහි ඇති දත්ත හා තොරතුරු
ස්ථීරව ද්විතීයක මතකයේ තැන්පත් කල යුතුය.
සසම්භාවී
පිවිසුම් මතකය
|
පඨන මාත්‍ර
මතකය
|
වාරක මතකය
|
නෂ්‍ය
මතකයකි.
|
නෂ්‍ය
නොවන මතකයකි.
|
නෂ්‍ය
මතකයකි.
|
කාර්යය
වනුයේ මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත සහ තොරතුරු තාවකාලිකව රඳවා තබා ගැනීම.
|
පරිගණකයක්
ක්‍රියාත්මක වීමට අවශ්‍ය ස්ථිරාංග තැන්පත් කර ඇත.
|
මධ්‍ය
සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත ඉතාමත්ම ඉක්මනින් ලබා දීම මෙහි කාර්යයයි.
|
පරිගණකයේ
කාර්‍යක්ෂමතාව කෙරෙහි බලපායි.
|
PROM, EPROM, EEPROM ලෙස ආකාර ඇත.
|
L1, L2, L3 ආකාර 3 කි.
|
ප්‍රධාන
මතකයයි.
|
L1 වාරක
මතකය මධ්‍ය සැකසුම් ඒකකය තුල පිහිටයි.
|
|
ධාරිතාවය
වැඩි කල හැකිය.විශාලයි.
|
ධාරිතාවය
ඉතාම කුඩායි.
|
ධාරිතාවය
ඉතාම කුඩායි.
|
ආකාර 2 කි.
ස්ථික සසම්භාවී පිවිසුම් මතකය (SRAM), ගතික සසම්භාවී පිවිසුම් මතකය
(DRAM)
|
21. වාරක මතකයේ
ආකාර:
ප්‍රාථමික
වාරක මතකය (L1
Cache)
|
ද්විතීයක
වාරක මතකය (L2
Cache)
|
තෘතීය
වාරක මතකය(L3
Cache)
|
සකසනය
තුළ පිහිටා ඇත. ධාරිතාවය ඉතාම කුඩායි. ප්‍රවේශ ඉතාමත්ම වැඩියි.
|
සකසනයට
ආසන්නයෙන් පිහිටයි.
|
මව්
පුවරුවේ පිටා ඇත. ධාරිතාවය තරමක් වැඩියි. ප්‍රවේශ වේගය අඩුයි.
|
22. සංදර්ශක /
පරිගණක තිර (Monitors)
වර්ග:
- කැතෝඩ
කිරණ සංදර්ශකය (CRT –
Cathode Ray Tubes)
- ද්‍රව
ස්ඵටික සංදර්ශකය (LCD –
Liquid Crystal Displays)
- ආලෝක
විමෝචක සංදර්ශකය (LED –
Light Emitting Diode)
23. ද්‍රව
ස්ඵටික තාක්ෂණයෙන් නිපදවූ පරිගණක සංදර්ශක තිර වල ලක්ෂණ (LCD Monitors):
- අඩු
ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත් වීම (Less Space)
- ඉතා
අඩු විදුලි පරිභෝජනය (Less Power Consumption)
- තිරයේ
සෙලවීම අඩු බව (Lack of
Flicker)
- සාපේක්ෂව
මිල අධික බව (Expensive)
- දර්ශනය
වීම සීමිත පරාසයක වීම (Limited Viewing Angle)
- ප්‍රතිචාර
දැක්වීමට අවම කාලයක් ගතවීම (Less response time)
24.
සංදර්ශකයක
ගුණාත්මක භාවය තීරණය කරන සාධක:
- තිරයේ
ඒකකයක් තුල පිළිබිඹු කල හැකි පික්සල ගණන (විභේදනය - Resolution, Ex: 1024 x 768),
- පිළිබිඹු
කල හැකි වර්ණ ගණන
- පිටතට
නිකුත් කරන අහිතකර විකිරණ ප්‍රමාණය (Radiation)
25.
මුද්‍රණ
යන්ත්‍ර වර්ගීකරනය :
- තිත්
න්‍යාස මුද්‍රණ යන්ත්‍රය (ඝටන මුද්‍රණ) - Dot Matrix Printer
- තීන්ත
පිහිරි මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Ink Jet Printer
- බුබුළු
පිහිරි මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Bubble Jet Printer
- ලේසර්
මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Laser Printer
29.
දත්ත සම්ප්‍රේෂණ
මාධ්‍ය වර්ග 2 කි.
- නියමු මාධ්‍ය (Guided Medium)
- නියමු නොවන මාධ්‍ය
(Un –
Guided Medium)
30.
නියමු මාධ්‍ය
(Guided
Medium)
- සාමාන්‍ය
ආකාරයේ වයර / ඇඹරි කම්බි යුගල (Twisted Pair Cables)
- සමාක්ෂ
යොත් (Coaxial
Cables ) - රූපවාහිනී
කේබ
- ප්‍රකාශ
තන්තු (Fiber
Optics) - දුරකථන
රැහැන් වල
31.
නියමු නොවන
මාධ්‍ය (Un
– Guided Medium)
- ගුවන්
විදුලි තරංග - රේඩියෝ තරංග
- අධෝරක්ත
කිරණ - දුරස්ථ පාලක වල, මූසික වල
- ක්ෂුද්‍ර
තරංග - චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ දී
- Bluetooth
/ Wi-Fi
32.
දත්ත සම්ප්‍රේෂණ
ආකාර :
- ශ්‍රේණිගත දත්ත
සම්ප්‍රේෂණය (Serial
Data Communication)
- සමාන්තරගත දත්ත
සම්ප්‍රේෂණය (Parallel
Data Communication)
33.
ශ්‍රේණිගත
දත්ත සම්ප්‍රේෂණය (Serial
Data Communication)
දත්ත බිටු එකක් පිටුපස එකක් ගමන් කරයි. බොහෝ වේලාවක් ගතවේ. මූසික යතුරු
පුවරු සඳහා සුදුසුයි.
34.
සමාන්තරගත
දත්ත සම්ප්‍රේෂණය (Parallel
Data Communication)
එකවර දත්ත බිටු කිහිපයක් ගමන් කරයි.වේගවත්ය. විශාල වශයෙන් දත්ත හුවමාරු කරන
උපකරණ සඳහා සුදුසුයි. මුද්‍රක හෝ ස්කෑනර් යන්ත්‍ර.
35.
දත්ත සම්ප්‍රේෂණ
විධි / ප්‍රධාන ආකාර:
- ඒකපථ (Simplex)
- අර්ධ ද්වීපථ (Half Duplex)
- පූර්ණ ද්වීපථ (Full Duplex)
37.
ඒකපථ (Simplex) :
දත්ත එක් දිශාවකට පමණක් ගමන් කරයි. රූපවාහිනී / ගුවන් විදුලි සන්නිවේදනය
38.
අර්ධ
ද්වීපථ (Half
Duplex):
එක් වරකට එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය වේ. වෝකි - ටෝකි උපකරණය, එක උමගක්
තුළින් දෙදිශාවට ගමන් කරන දුම් රිය දෙකක්
39.
පූර්ණ
ද්වීපථ (Full
Duplex) :
එකම අවස්ථාවේ දී දිශා දෙකටම දත්ත සම්පේෂණය කිරීම. දුරකථනය
40.
පරිගණක
ජාලයක් (Network)
යනු :
පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරමින් සකස් කරනු ලබන පරිගණක
පද්ධතියකි.
41.
පරිගණක ජාල
වල වාසි :
- වේගය ඉහළයි.
- වියදම අඩුයි.
වියදම් වන්නේ ජාලය ස්ථාපිත කිරීමට පමණි.
- ආරක්ෂාව
ඉහළයි.(ගිනි පවුරු / ප්‍රතිවෛරස මෘදුකාංග )
- මධ්‍යගත මෘදුකාංග
පාලනය
42.
දත්ත සම්ප්‍රේෂණ
වේගය:
තත්පරයක් තුළ සම්ප්‍රේෂණය කරනු ලබන බිටු ප්‍රමාණයයි. ඒකක bps, Kbps, Mbps, Gbps
43. පරිගණක ජාල
වල අවාසි :
- ඇතැම් ජාල වල මැද
පිහිටි පරිගණකය බිඳ වැටීමෙන් මුළු ජාලයම අක්‍රීය වීම.
- ජාල පද්ධතියේ
ඇතැම් විට දෝෂ හට ගැනීම.
- බාහිර පුද්ගලයින්ට
පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව.
- ජාලය පාලනය කිරීමට
දැනුමැති පුද්ගලයින් අවශ්‍ය වීම.
44. ජාල ස්ථල
විද්‍යාව (Network
topology) යනු:
පරිගණක ජාලගත කිරීමේදී ඒවා භෞතිකව ජාලයට සම්බන්ධ කරන ආකාරයයි.
- තරු ආකාරයේ පරිගණක
ජාල (Star
Topology)
- මුදු / වළලු
ආකාරයේ පරිගණක ජාල (Ring
Topology)
- බස් ආකාරයේ පරිගණක
ජාල (Bus
Topology)
- රුක් ආකාරයේ
පරිගණක ජාල (Tree
Topology)
45. තරු ආකාරයේ
පරිගණක ජාල (Star
Topology) :
මැද ජාලකරණ ස්විචයක් හෝ නාභියක් තබා එයට පරිගණක හෝ මුද්‍රණ යන්ත්‍රයක් හෝ
ස්කෑනර් යන්ත්‍රයක් සවි කරයි. මධ්‍යයේ උපකරණයට හානි සිදුවුවහොත් මුළු ජාලයම
බිඳවැටේ. ජාලය ස්ථාපනය කිරීම පහසුයි. දෝෂ සෙවීම පහසුයි.
46. මුදු /
වළලු ආකාරයේ පරිගණක ජාල (Ring Topology) :
පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට අඩු වයර ප්‍රමාණයක් යයි. එක් පරිගණකයක් ක්‍රියා
විරහිත වුවහොත් මුළු ජාලයම අඩපණ වේ.
47. බස් ආකාරයේ
පරිගණක ජාල (Bus
Topology):
ප්‍රධාන වයරයක් කේන්ද්‍රකොටගෙන සියළු පරිගණක එයට සම්බන්ධ කර ඇත. අඩු වයර ප්‍රමාණයක්
අවශ්‍ය වේ. ඉතා පහසුවෙන් පරිගණක ජාලයට සවිකල හැක. සම්පූර්ණ ජාලයම ප්‍රධාන වයරය මත
යැපීම සහ වයරයේ දෙකෙලවරවල් වසා දැමීම කරදරකාරී ක්‍රියාවකි.
48. රුක්
ආකාරයේ පරිගණක ජාල (Tree Topology):
ගසක අතු බෙදෙන ආකාරයේ සකස් කර ඇත. එක් එක් අත්ත වෙන වෙනම පාලනය කළ හැකිය.
ජාලය ගොඩනැගීම සංකීර්ණයයි. ප්‍රධාන වයරය මත ජාලයම යැපීම අවාසියකි.
49. පරිගණක ජාල
ආකාර:
ස්ථානීය
ප්‍රදේශ ජාල (LAN)
: කුඩා ප්‍රදේශයක
පැතිරී පවතින ජාලයකි. පාසලක් විද්‍යාගාරයක්
පුරවර ප්‍රදේශ
ජාල (MAN)
: ප්‍රාදේශීය
වශයෙන් ආයතනයක ශාඛා
පුළුල්
ප්‍රදේශ ජාල (WAN)
: විශාල ප්‍රදේශයක
පැතිරී පවතින ජාල ,
අන්තර්ජාලය
විශාලත්වය අනුව,
LAN < MAN < WAN
50. ජාලකරණ
උපාංග :
මොඩම්
උපකරණය (MODEM)
- සංඛ්‍යාංක
සංඥා,
ප්‍රතිසම
තරංග බවටත් ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක සංඥා බවටත් පරිවර්ථනය කිරීමට යොදා ගනියි.
ජාලකරණ
නාභිය (Hub)
- පරිගණක
විශාල සංඛ්‍යාවක් ජාලයට සවි කිරීමට යොදා ගනියි. බුද්ධිමත් උපාංගයක් නොවේ.
ජාලකරණ
ස්විචය (Switch)
- පරිගණක
විශාල සංඛ්‍යාවක් ජාලයට සවි කිරීමට යොදා ගනියි. බුද්ධිමත් උපාංගයකි.
ජාලකරණ
අතුරුමුහුණත් කාඩ්පත (NIC) - පරිගණකයක් ජාලයට සම්බන්ධ කිරීමට යොදා
ගන්නා කෙවෙනිය පිහිටා ඇත.
51. සේවා යෝජක
පරිගණක (Server
Computer):
පරිගණක ජාලයට අවශ්‍ය කරන සේවාව සැපයීමට යොදා ගනු ලබන විශේෂිත පරිගණකයි.
DNS Server, DHCP Server, WWW Server
DNS Server, DHCP Server, WWW Server
52. අන්තර්ජාලය
(Internet)
:
ලොව පුරා විසිරී පවතින පරිගණක විශාල ප්‍රමාණයක් සම්බන්ධ වීමෙන් නිපදවා ඇති
අන්තර්ජාලයට කිසිදු අයිතිකරුවකු නැත. මධ්‍යගත පලනයක් නැත. අන්තර්ජාලයේ සේවාවන්
වන්නේ විද්‍යුත් තැපෑල,
විශ්ව
විසිරි වියමන සහ ගොනු හුවමාරුවයි. අන්තර්ජාල සේවාව ලබා ගැනීමට අප විසින් 'අන්තර්ජාල සේවා සැපයුම්කරු (ISP)' හා
සම්බන්ධ විය යුතුය. උදා: Dialog,
Mobitel, Suntel
53. අන්තර්ජාලයට
සම්බන්ධ වීමට අවශ්‍ය උපාංග :
- පරිගණකයක්
(Computer)
- සන්නිවේදන
මෘදුකාංගයක් (Communication
Software)
- දුරකථන
සම්බන්ධතාවයක්(Telephone
Line)
- මොඩම්
යන්ත්‍රයක් (MODEM)
- අන්තර්ජාල
සේවා සපයන්නෙක් (ISP –
Internet Service Provider)
54. අන්ත: ජාලය
(Intranet)
:
අන්තර්ජාලයේ භාවිතා කරනු ලබන උපාංග සියල්ලක්ම භාවිත කරමින් තම ආයතනයේ අභ්‍යන්තර
පුද්ගලයින්ට පමණක් පිවිසිය හැකි ජාලයකි. ජාල ආරක්ෂණ උපාංග වන ගිණි පවුරු, ප්‍රතිවෛරස
මෘදුකාංග යොදා ගනියි.