Thursday, October 17, 2013

පරිගණක මෘදුකාංග

පරිගණක මෘදුකාංග
පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගනකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගනක වැඩසටහන් (Programs), සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
පරිගනක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.

ඉතිහාසය

1950, 1960
හා 1970 දශක වල සාමාන්‍ය පරිගනක පරිශීලකයින් නිදහස් මෘදුකාංග භාවිත කළහ. මෘදුකාංග බොහෝ දුරට පරිශීලකයින් හා දෘඩාංග නිෂ්පාදකයින් මෘදුකාංග බෙදාහදා ගත් අතර එමගින් ඔවුන්ගේ දෘඩාංගවල ප්‍රයෝජනත්වය වැඩි කරනු ලැබීය. මෘදුකාංග බෙදා ගැනීමට සංවිධාන පවා පිහිටුවා ගත්හ. මෙමගින් මෘදුකාංග බෙදා හදා ගැනීම් වලට මනා සහයක් ලැබින. නමුත් 1960 න් පසු මෙම තත්වය වෙනස් විය. මෘදුකාංගයන්හි මිල විශාල වශයෙන් ඉහල ගියේය. දෘඩාංග නිපදවන සමාගම් වලට මෘදුකාංග නිපදවන සමාගම් සමග ඉතාමත් තියුනු තරගයක නියැලීමට සිදු විය. දෘඩාංග නිපදවන සමාගම් තම දෘඩාංග සමග මෘදුකාංග ලබා දෙනු ලැබුවේ එම මෘදුකාංග සදහා වන වියදමද එම දෘඩාංගය සදහා එකතු කිරීමෙනි. එහෙත් කල් යත්ම පරිශීලකයන් විසින් තම අවශයතාවයට ගැලපෙන මෘදුකාංග වෙනත් සමාගම් වලින් ලබා ගැනීමට හුරු විය. 1970 පමණ වනවිට මෘදුකාංග සමාගම් තම මෘදුකාංග එහි කේතය සමග බෙදා හැරීම නවතා දැමීය. එමගින් එහි වෙනස්කම් කිරීම හා එය අධයයනය කර නව නිෂ්පාදන සිදු කිරීම අවුරණ ලදී. 1980 වන විට මෘදුකාංග සදහාද බුද්ධිමය දේපල නීති අදාල විය.
1983 දී MIT කෘතිම බුද්ධිය සදහා වූ පරීක්ෂණාගාරයේ හැකර් ප්‍රජාවේ දීර්ගකාලීන සමාජිකයෙකු වූ Richard Stallman, විසින් GNU ව්‍යාපෘතිය ගැන හෙලි කළේය. මෘදුකාංග භාවිතය නිදහස් කිරීම ඔහුගේ අරමූණ විය. GNU මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කිරීම 1984 දී ආරම්භ විය. තවද 1985 ඔක්තෝබර් මාසයේදී නිදහස් මෘදුකාංග පෙරමුණ පිහිටුවන ලදී. ඔහු ගේ අරමුණ වුයේ අයිතීන් ඇතුලත් නොවන නිදහස් මෘදුකාංග නිර්මාණය කිරීමයි. මෙහි ආර්ථික වටිනාකම විශාල ආයතන වන IBM, Red Hat, and Sun Microsystems විසින් වටහා ගන්නා ලදී. බොහෝ සමාගම් තම කටයුතු සදහාද මෙම නිදහස් මෘදුකාංග භාවිත කරන ලදී. අඩු වියදමක් දැරීමට සිදුවීම මෙහිදී කැපී පෙනෙන වාසිය විය.Creative Commons හා නිදහස් මෘදුකාංග පෙරමුණ මෙම නිදහස් මෘදුකාංග ව්‍යාපාරයට මහත් පිටිවහලක් ලබාදුනි

පද්ධති මෘදුකාංග (System software) 
පරිගණක දෘඪාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි .එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක , දෝෂ විනිශ්චය පිළිබද උපකරණ මෙහෙයන් , කවුළුමය පද්ධති , ප්‍රයෝජනවත් සේවාවන් හා තවත් දේ අඩංගුය .පද්ධති මෘදුකාංග හි අරමුණ හැකිතාක් දුර සුවිශේෂ භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය , විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඪාංගවල ලක්ෂණ , අමතර උපාංග සන්නිවේදනයන් , මුද්‍රණ යන්ත්‍රයන් , කියවන්නන් , විදහා පෙන්වීම් , යතුරු පුවරු හා තවත් දෑ වැනි කාර්යය ක්‍රම සම්පාදකට පරිවහණය කිරීමයි
යෙදුම් මෘදුකාංග (Application software) 
අවසන් පරිශීලකයාහට විශේෂ (පරිගණක නොවන ආශ්‍රීත) මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි. නියමානුකූල යෙදීම් කර්මාන්ත ශාලා ස්වයංක්‍රීයකරණය , ව්‍යාපාරික මෘදුකාංග , අධ්‍යාපනික මෘදුකාංග, ඹෟෂධීය මෘදුකාංග / වෛද්‍ය මෘදුකාංග , පරිගණක දත්ත ගබඩා සහ පරිගණක ක්‍රීඩා අඩංගු වේ. යෙදුම් මෘදුකාංග විශාලතම භාවිතා කරන්නන් ව්‍යාපාරිකයන් වුව සෑම අතින්ම පාහේ යෙදුම් මෘදුකාංග ආකාරයක් මිනිස් ක්‍රියාකාරකම් ඇති සෑම ක්ෂේත්‍රයකම භාවිතා කරයි

පද්ධති වැඩසටහන්කරනය සහ යෙදුම් මෘදුකාංග
මෙහෙයුම් පද්ධතියක් යනු ප්‍රධාන වශයෙන් පරිගනකයේ ඇති දෘඩාංග, මතකය හා සැකසුම් කාල අවකාශය පාලනය කරන වැඩසටහනකි. මීට අමතරව පරිගනකය මත ක්‍රියා කරන යෙදුම් මෘදුකාංග සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමද ඉතා වැදගත් අංගයකි.
පද්ධති මෘදුකාංගයක් මගින් කෙලින්ම පරිගනකයේ දෘඩාංග ක්‍රියා කරවන අතර යෙදුම් මෘදුකාංගයක් ක්‍රියා කරන්නේ මෙහෙයුම් පද්ධතිය මතය. එනම් යෙදුම් මෘදුකාංගයක් පරිගනක පද්ධතියට බලපෑම් කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහාය. යෙදුම් මෘදුකාංගයේ ඇති යාන්ත්‍රික උපදෙස් මාලාව මෙහෙයුම් පද්ධතිය මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර දෘඩාංග ප්‍රධාන සැකසුම් ඒකකයට ලබා දෙයි.
මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යෙදුම් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය මතට සීමා වීමයි. එනම් එක් මෙහෙයුම් පද්ධතියක් සඳහා නිර්මානය කරන ලද යෙදුම් මෘදුකාංගයක් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා නොකිරීම



ක්‍රම සම්පාදන මෘදුකාංග (Programming software)
   සාමාන්‍යයෙන් ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිතා කරමින් පරිගණක වැඩ සටහන් හා මෘදුකාංග ලිවීමට ක්‍රම සම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි. මෙවලම් පාඨ සංස්කාරකයන්, සංග්‍රාහකයන් , පරිවර්තකයන් , බන්ධකයන් , නිදොස්කරුවන් හා තවත් දෑ අඩංගුය . සමෝධානය කළ සංවර්ධන පරිසර‍යක් (IDE) එම මෙවලම් මෘදුකාංග පොදියකට ඒකාබද්ධ කරන අතර ක්‍රම සම්පාදක හට සම්පාදනය කිරීමට , පරිවර්තනය කිරීමට , නිදොස් කිරීමට , අංශු මාත්‍රණයට , හා වෙනත් දෑ සදහා ගුණාකාර විධාන ටයිප් කිරීම / ලිවීම අවශ්‍ය නොවේ. මක්නිසාදයත් IDE සාමාන්‍යයෙන් දියුණු කළ ග්‍රාසිකාකාර පරිශීලක අතුරු මුහුණත තිබේ. (GUI – Graphical User Interface
දෘඩාංග හා මෘදුකාංග 

දෘඩාංග (Hardware) යනු පරිගනකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
මෘදුකාංගයක් පරිගනකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) ප්‍රධාන සැකසුම් ඒකකය (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් . ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගනකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.






දත්ත හා මෘදුකාංග 

මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.

මෙසේ ප්‍රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු, පරිගනකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ. නමුත් එම තොරතුරු ද්වීතියික මතකය (ස්ථීර මතකය) මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ.

පරිගනක සම්බන්ධ පලමු නීතිය වන GIGO (Garbage In Garbage Out) යන්නද, දත්ත හා සබැඳි අදහසකි. එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්‍රතිදානය. නිවැරදි ප්‍රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය.

පරිගනක ආශ්‍රිත පද්ධතියකින් නියම ප්‍රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත... 
නිවැරදි විය යුතුය, (Accurate).                              
යාවත්කාල විය යුතුය, (Up to date). 
සම්පූර්ණ විය යුතුය, (Complete). 
පරස්පර විරෝධී නොවිය යුතුය, (Consistant). 

පරිගනකයක වැඩසටහනකට දත්ත ඇතුල් කිරීමේදී එම දත්ත වල නිවැරදි භාවය තහවුරු කිරීමට validation (නිවැරදිබව තහවුරු කිරීම) භාවිතා කරයි. මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් (pattern), (regular expression) හෝ අර්ථදැක්වීමකට (definition) අනුගතදැයි පරීක්‍ෂා කර බැලීමයි. මෙමගින් වැරදි දත්ත ඇතුල් කිරීමේදීම වලක්වාගත හැක. නමුත් validation නීතියක් සමත් වීම එම දත්තය නිවැරදි බව මුලුමනින්ම සනාථ නොකරයි. ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති විෂාල ඉඩකඩක් (සම්භාවිතාවක්) අඩු බවයි. එනම් validation අසමත් වූ දත්තයක් මුලුමනින්ම නිශ්ප්‍රයෝජන බවය








මෘදුකාංග වැඩසටහන් සහ library

library
යනු පරිගනක වැඩසටහනක් හෝ කිහිපයක් තවත් වැඩසටහනක් එහි ක්‍රියාකාරීත්වයට දායක කරගැනීමයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම lybrary එක් පුද්ගලයෙකු විසින් ලියා ඇති විට වෙනත් අයෙකුට එය තමාගේ වැඩසටහනකට බද්ධ කරගත හැකි වීමයි. එම නිසා library භාවිතය, පරිගනක වැඩසටහන්කරනය පහසු කරයි, එකම කාර්යය සඳහා නැවත නැවත එකම කේත කොටස ලිවීම වලකා කාලයත් ශ්‍රමයත් ඉතිරි කරයි


මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන් 



සමාජයේ අළුත් පාර්ශවයක් ලෙස මෘදුකාංග භාවිතා කරන්නන් සදහා තිබිය යුතු අයිතීන් යන අදහස වඩා වර්ධනය වූවක් නොවේ. නිදහස් මෘදුකාංග සමාජය වැනි ඇතැමෙක් තමන් භාවිත කරන මෘදුකාංග නවීකරණය හා නැවත බෙදාහැරීමේ අයිතිය මෘදුකාංග භාවිත කරන්නන්ට තිබිය යුතුය යයි විශ්වාස කරයි. එක් එක් පුද්ගලයාට තම පරිගණකය පාලනය කිරීමට මෙම අයිතීන් අත්‍යවශ්‍ය බවත් එමගින් සියලු දෙනාට සහයෝගයෙන් ඔවුන් තෝරාගන්නා පරිදි සමාජයක් ලෙස එකට වැඩ කිරීම හා මෘදුකාංගයෙහි වර්ධනය වන දිශාව පාලනය කිරීමට හැකියි ලෙස ඔවුන් වාද කරති. අනෙක් පාර්ශවය , මෘදුකාංග භාවිතා කරන්නන්ට ලැබිය යුතු අයිතීන් මෘදුකාංග නිර්මාණකරුවන් තීරණය කළ යුතු යයි විශ්වාස කරයි.                                                                                                                                                                                                                                                                                                             සැකසුම - උදිත කුමාර දසනායක  
                                                                                                    (අන්තර් ජලායේ ලිපි ඇසුරිනි)