Friday, February 24, 2017


අපරාධකරුවෙකු ලෙස මියගිය නූතන පරිගණක විද්‍යාවේ පියා – ඇලන් ටියුරින්


“ඔයා දන්නවද අද උදේ කෝච්චියේ එනකොට මම පහුකරගෙන ආව නගරය ඔයා නැත්නම් එතැන තියෙන එකක් නැහැ. කෝච්චියෙන් බැහැල මම ලොතරැයියක් ගත්ත කෙනා ඔයා නොහිටියනම් ගොඩක් වෙලාවට ජීවතුන් අතර නොහිටින්න තිබුණා. මම හැමදාම වැඩට යනවා. විද්‍යාත්මක කරුණු කියවනවා, පර්යේෂණවල යෙදෙනවා. ඒ හැමදේම ඒ විදිහට ඉතිරි වෙලා තියෙන්නෙ ඔයා නිසයි. දැන් ඔයා හිතන්නෙ ඔයාට ‘සාමාන්‍ය’ කෙනෙක් වෙන්න පුළුවන් වුණා නම් කියලා, මම කියන්නේ ඔයා එහෙම ‘සාමාන්‍ය’ වෙන්න ඕන නැහැ කියලයි. මේ ලෝකෙ අද තියෙන යහපත් තැන බවට පත්වෙලා තියෙන්නෙ ඔයා එහෙම ‘සාමාන්‍ය’ කෙනෙක් නොවීම නිසයි..”
(The Imitation Game (2014) චිත්‍රපටයෙනි)

2013 වසරේ දෙසැම්බර් 24 වන දින බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් අදහස් දක්වන එවකට බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍ය ක්‍රිස් ග්‍රේලින් එක්තරා පුද්ගලයෙකු පිළිබඳ සඳහන් කරමින් පවසා සිටින්නේ බ්‍රිතාන්‍ය රජය විසින් ඔහුට කරන ලද අකටයුතුකම් පිළිබඳ සමාව අයැද සිටින බවයි. එමෙන්ම, වරදකරුවෙකු බවට නම්කරමින් ඔහුට එල්ලකර තිබූ සියළුම චෝදනාවලින් ඔහුව නිදහස් කරන්නට එළිසබෙත් මහ රැජිණ තීරණය කර ඇති බවත් ලෝකය විසින් ඔහුව මතක තබා ගත යුත්තේ උසාවියෙන් වරදකරුවෙකු බවට පත්කළ පුද්ගලයෙකු ලෙසින් නොවන බවත් ග්‍රේලින් ප්‍රකාශ කළා.

දෙවන ලෝක යුද්ධයේ නිමාව කෙරෙහි තනි පුද්ගලයෙකු ලෙස විශාලම බලපෑමක් කළ පුද්ගලයා වශයෙන් බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල් විසින් හඳුන්වනු ලැබූ ශ්‍රේෂ්ඨ ගණිතඥ ඇලන් ටියුරින් 1952 වසරේ එරට අධිකරණය විසින් ‘ඉතා අශෝබන ලෙස හැසිරීම’ සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට නම් කරනු ලබනවා. තම සොයාගැනීම නිසා දෙවන ලෝක යුද්ධය වසර හතරකින් පමණ කෙටි කරවීමට සමත් වූ මේ මිනිසා ඊට වසර දෙකකට පමණ පසු ජීවිතයෙන් සමුගනු ලබන්නේ එසේ වරදකරුවෙකු බවට ගසනු ලැබූ හංවඩුවත් සමඟයි.  

ජීවත්ව සිටියදී සමස්ථ ලෝකයේම යහපත වෙනුවෙන් සිය ජීවිතයේ සාරය වැය කරන මිනිසුන් විනාශ කර දමා ඉන් පසුව ඔවුන්ව පූජනීයත්වයට ඔසවා තබන්නට සාමාන්‍ය මිනිසුන් ක්‍රියා කරන අතර එම මිනිස් ස්වභාවය වටහාගෙන ඔවුන්ට සමාව දීමට තරම් උසස් මනසක් ඔහු වැනි මිනිසුන් සතුව ඇති බවට තමා විශ්වාස කරන බව ඔහුට රාජකීය සමාව ප්‍රදානය කරමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.

ජීවිත කතාව
(කුඩා ඇලන්/Awesome Stories)
1912 ජුනි මස 23 වන දින ලන්ඩනයේදී උපත ලබන ඇලන් මැතිසන් ටියුරින් ගණිතය කෙරෙහි දැක්වූවේ ඉතා අසාමාන්‍ය දක්ෂතාවයක්. අතිශය සංකීර්ණ ගණිත ගැටළු සහ න්‍යායන් විසඳීමට පාසල් වියේදී පවා ඔහු ඉමහත් සමර්ථ බවක් දැක්වූවා. කේම්බ්‍රිජ් සරසවියෙන් ගණිතය පිළිබඳ ප්‍රථම පෙළ ගෞරව උපාධියක් ලබා ගන්නා ඇලන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ඇමරිකාවේ ප්‍රින්ස්ටන් සරසවියෙන්. 1936 දී ඔහු විසින් නිපදවූ ‘ටියුරින් යන්ත්‍රය’ අද අප දකින පරිගණක මධ්‍ය සැකසුම් පද්ධතියේ මූලික අවස්ථාවක් ලෙස හඳුන්වනවා.

ලෝකයටම අවාසනාව කැන්දමින් දෙවන ලෝක යුද්ධය ආරම්භ වූවේ ඉන්පසුවයි. නාසීන් විසින් හුවමාරු කරගත් රහස් කේතවලින් සමන්විත වූ යුධ පණිවුඩ මිත්‍ර හමුදාවන්ට මහත් හිසරදයක් වී තිබුණා. ජර්මානු බුද්ධි සේවය විසින් නිපදවා තිබූ ‘එනිග්මා’ නම් යන්ත්‍රයකුයි ඔවුන් මේ රහස් කේත පණිවුඩ හුවමාරුව සඳහා යොදාගත්තේ. බොහෝ කාලයක් යනතුරු මේ යන්ත්‍ර මගින් හුවමාරු වන පණිවුඩ මොනවාද යන්න තෝරා බේරා ගැනීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදාවන් පත්වූවේ දැඩි අසීරුතාවයකටයි.

(එනිග්මා යන්ත්‍රය/BBC)
මේ රහස් කේත විකේතනය කිරීම සඳහා කේම්බ්‍රිජ් සරසවියේ ගණිතය පිළිබඳ මහාචාර්ය මැක්ස් නිව්ටන්ගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ විද්‍යාඥයන් කණ්ඩායමේ එක් සාමාජිකයෙකු වූවේ ඇලන් ටියුරින්. ඔහු අතින් ‘බොමේ යන්ත්‍රය’ නිර්මාණය වන්නේ එහිදීයි. මෙම බොමේ යන්ත්‍රය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පරිගණකය ලෙස අවිවාදයෙන් පිළිගැනෙනවා.


(බොමේ යන්ත්‍රය/BBC)
හිට්ලර්ගේ රහස් යුධ පණිවුඩ සියල්ලම පාහේ විකේතනය කිරීමට මෙම යන්ත්‍රය හරහා බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුණ අතර ඒ නිසා මිලියන ගණනක් වූ ජීවිත ගලවා ගැනීමට ඔවුන් සමත් වුණා. ටියුරින්ගේ බොමේ යන්ත්‍රය නොවන්නට දෙවන ලෝක යුද්ධය කෙසේ නිමාව දකිනු ඇත්දැයි සිතීමට පවා අපහසුයි.

කෘතීම බුද්ධිය පිළිබඳ පිළිගත හැකි ප්‍රථම තිසීසය ඉදිරිපත් කරනු ලැබුවේත් ඇලන් ටියුරින් විසින් බවටයි පිළිගැනෙන්නේ. ක්වන්ටම් භෞතික විද්යාව ගැනත් ඇලන් දැඩි උනන්දුවක් දැක්වූවා.

මේ සියල්ලටම අමතරව ඇලන් අතිදක්ෂ මැරතන් ධාවන ශූරයෙකුද වූවා.

(ඇලන් මැරතන් තරඟයකදී/BBC)
සිය දැනුම, බුද්ධිය මෙහෙයවා ලෝකයට එතරම් මෙහෙයක් කළ මේ ශ්‍රේෂ්ඨ මිනිසා සම්මතය අනුව ‘සාමාන්‍ය මිනිසෙකු’ වූවේ නැහැ. නාසි රහස් කේත බිඳ දැමීමට වෙනුවෙන් බ්ලෙච්ලි පාක් පර්යේශන ආයතනයේ සේවය කළ එකම විද්‍යාඥවරිය වූ ජෝන් ක්ලාක් වෙත ඇලන් විවාහ යෝජනාවක් ගෙනාවද දින කිහිපයක් තුළ ඇලන් විසින්ම තමන් සමරිසියෙකු බව ඇයට හෙළිදරව් කළා.

ඒ හේතුව නිසා ඇය හා විවාහ විය නොහැකි බව ඔහු පවසා සිටියා. ජෝන් නම් පවසා සිටියේ විවාහ වී මිතුරන් ලෙස සිටිමු කියායි. එහෙත් ඇලන් එය ප්‍රතික්ෂේප කළා.

(ජෝන් ක්ලාක්/Alchetron)

අත්අඩංගුවට පත්වීම සහ මරණය

1952 වසරේදී ඇලන් අත්ඩංගුවට ගැනෙන්නේ ඔහු ‘සමරිසි’ පුද්ගලයෙකු බව හෙළිදරව් වීමත් සමඟයි. සමරිසියෙකු වීම එකල නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වූ අතර තෝරාගත හැකි මාර්ගයන් දෙකක් ඇලන් හමුවේ උසාවිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

(ඇලන් වෙත එල්ල වී තිබූ චෝදනා පිළිබඳ විස්තර ඇතුලත් වාර්තාව/Turing.Org)
‘ඉතා අශෝබන’ ලෙස හැසිරීමේ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු වූ අතර තමන් නිවරද යැයි අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇලන් කටයුතු කළේත් නැහැ. ඉතින් ඔහු හමුවේ තැබුණ මාර්ගයන් දෙක වූවේ සිරදඬුවම් විඳීම හෝ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් කෙරෙන ලිංගික අකර්මණ්‍යතාවයට ලක් වීමයි. ඇලන් මින් දෙවන මාර්ගය තෝරාගත් අතර ඒ අනුව ස්ටිල්බස්ට්‍රොල් එන්නත වරින් වර ඔහුගේ සිරුරට ඇතුළු කරනු ලැබුවා.

ඉන් වසර දෙකකට පසු, 1954 ජුනි මස 07 වන දිනට රැය පහන් වුණේ ඇලන් ටියුරින් නම් මේ ‘අසාමාන්‍ය’ මිනිසා ලෝකයට අහිමි කරවමින්. සිය නිදන කාමරයේ යහන මත ඔහු ශාන්ත ලෙස වැතිරී දෙනෙක් පියාගෙන සිටි අතර අඩක් පමණ අනුභව කළ ඇපල් ගෙඩියක් ඔහු අසල තිබෙනු දක්නට ලැබුණා. මරණයට හේතුව ලෙස දැක්වූවේ සයනයිඩ් අධිමාත්‍රාවකින් ශරීර ගත වීමයි. ඔහු සිය 41 වන වියේ පසුවූවා.

එහෙත් ඇතැමුන් ඔහුගේ මරණය ඝාතනයක් බවත් තවත් සමහරු එය නොසිතා සිදුවූ ඖෂධ අධිමාත්‍රාවකින් ශරීර ගත වූවකින් සිදුවූ බවටටත් මත පල කරනවා. ඒ කෙසේ වෙතත් පොදු පිළිගැනීම වන්නේ එය සිය දිවි නසා ගැනීමක් බවටයි.

එමෙන්ම, ඇපල් සමාගම සිය සන්නාම ලකුණ ලෙස කොටසක් අනුභව කළ ඇපල් ගෙඩියක් යොදාගෙන තිබෙන්නේ ඇලන් ටියුරින්ගේ නාමයට ගෞරවයක් ලෙස බවටත් ඇතැමුන් පැවසුවා. එහෙත් එම සැලකුණේ නිර්මාතෘ පවසන්නේ ඔහු තුළ එවන් අදහසක් නොතිබුණ බවයි.

The Imitation Game (2014)


(කම්බර්බැච් ඇලන් ටියුරින් ලෙස/Youtube)
මේ ලිපියේ ආරම්භයේදී සඳහන් වන The Imitation Game චිත්‍රපටය නිර්මාණය වූවේ ඇලන්ගේ ජීවිත කතාව ඇසුරෙන් ඇන්ඩෲ හොග් විසින් රචනා කළ Alan Turing: The Enigma කෘතිය පාදක කරගනිමින්.

එහිදී ඇලන්ගේ චරිතයට පණ පෙවූ සුප්‍රකට නළු බෙනඩික්ට් කම්බර්බැච් 2015 ඇකඩැමි සම්මාන උළෙලේ හොඳම නළුවාට පිරිනැමෙන සම්මානය සඳහා නිර්දේශ වූවා. එම ඇකඩැමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා,හොඳම සහය නිළිය ඇතුළු සම්මාන 8 ක් සඳහා නිර්දේශ වූ මේ විශිෂ්ඨ චිත්‍රපටය හොඳම අනුවර්තිත තිරරචනය වෙනුවෙන් වූ සම්මානය දිනා ගැනීමට සමත් වූවා.

ඇලන් ටියුරින් නීතිය

(ඇලන් අනුස්මරණය කිරීම වෙනුවෙන් තනා ඇති ස්මාරකයක්/Youtube)
පෙර පැවති නීතිය යටතේ සමරිසියෙකු වීම නිසාම වරදකරුවන් ලෙස නම් කළ සියළු පුද්ගලයන් එම චෝදනාවලින් නිදහස් කරන බව 2015 වසරෙදී බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කරනු ලැබුවා. මෙම අසහාය පුද්ගලයා සිහිවනු පිණිස එය ‘ඇලන් ටියුරින් නීතිය’ ලෙස නම් කරන බව බලධාරීන් සඳහන් කළා.

(ඇලන් විසින් කුඩා දැරියකට ලියන ලද ලිපියක්/CNN)
දේශපාලනික තේමාවක් රැගත් V for Vendetta චිත්‍රපටයේ ඇලන් වැනිම සමරිසියෙකු වූ, ඒ නිසාම සිර භාරයට ගෙන වධ හිංසා පමුණුවා මරා දමන ලද කාන්තාවක විසින් ලියා සිර මැදිරිය තුළ සඟවා තබන අනුවේදනීය ලිපියක එක් තැනක මෙසේ සඳහන් වනවා.

ඉතින් මම මෙහිදී මිය යා යුතුය. එක් දෙයක් හැර ,මගේ ජීවිතයේ සෑම කොටසක්ම, සෑම අඟලක් ම මෙහිදී අවසන් වනු ඇත. ඔව් එක් දෙයක් හැර. එය ඉතාම කුඩා ය.ඉතා ඉක්මනින් බිඳෙන සුළු ය. එහෙත් අප තුල තිබෙන වටිනාම දෙය ද එයම වන්නේ ය. කිසිදා එය නැති කර නොගැනීමටත්, කිසිවෙකුට එය නොවිකුණා සිටීමටත් අප වග බලා ගත යුතුය. විශේෂයෙන් ඔවුන්ට එය අප කෙරෙන් උදුරා ගැනීමට කිසිදා ඉඩ ලබා නොදිය යුතු ය..”

තමා කවරෙක්ද යන කාරණාව පිළිබඳ සමාව අ‍යැද නොසිට, අභිමානයෙන් යුතුව මරණයට පත්වූ ඒ ප්‍රබන්ධමය ගැහැණිය මෙන්, උපතින්ම තමන්ට උරුම වූ අනන්‍යතාව තම අකැමැත්තෙන් යටපත් කර වසර ගණනාවක් ජීවත්වනවාට වඩා මරණය තෝරාගැනීම ගෞරවනීය බව ඇලන් ටියුරින් සිතුවා වන්නට ඇති. මිලියන ගණනාවකට හෙට දින දැකීමේ භාග්‍යය උරුම කර දුන් මේ මිනිසාට අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසී මරණය වැළඳ ගැනීමට සැලැස්වීම පිලිබඳ සමස්ත මිනිස් වර්ගයා ලැජ්ජා විය යුතුයි.

අනාගත පරම්පරාවන්ගේ ජීවිත වඩා යහපත් කිරීම වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරන ඇලන් ටියුරින් වැනි අගනා මිනිසුන් කෙරෙහි දැක්විය යුතු ගෞරවය ඔවුන් ජීවත්ව සිටින කාළයේදීම ලබා දීමට අප කටයුතු කරනවානම් මේ ලෝකය කෙතරම් සුන්දර තැනක් බවට පත්වනු ඇතිද?

අන්තර් ජාලයේ පලවූ ලිපියක් ඇසුරින් උපුටාගන්නා ලදි  (Pramudi Dissanayake)
Contributor

Saturday, October 29, 2016







 තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන්





01. පරිගණකයක් යනු:
 දත්ත, තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයකි.

02. 
පරිගණකයේ සුවිශේෂීත:
 වේගය ඉහළයි, නිරද්‍යතාවය වැඩිය, කාර්‍යක්ෂමතාවය වැඩිය, බහුකාර්යය වේ, තැපත් කල දේ  නැවත ලබා ගත හැකිය, බුද්ධිමත් නොවේ, හැඟීම් දැනීම් නැත.

03. 
පරිගණකයේ ප්‍රධාන කාර්යයන්: 
ආදානය, සැකසීම, ප්‍රතිදානය, ආචයනය, පාලනය

04.
දත්ත අතින් සැකසීමේ දී මුහුණපාන ගැටළු සහ අභියෝග : 
කාර්‍යක්ෂමතාවය අඩුය, නිරවද්‍යතාවය අඩුය, විශාල කාලයක් ගත වීම, විශ්වාසනීයත්වය අඩුය, ආදානය කළ අනුපිළිවෙලින්ම සටහන් කිරීමට සිදුවීම, අනවශ්‍ය දත්ත මැකීමට (ඉවත් කිරීම) අපහසුය, දත්ත යාවත්කාලීන කිරීම අපහසුය, තැන්පත් කිරීම සඳහා වැඩි ඉඩක් අවශ්‍ය වීම, මිනිස් ශ්‍රමය විශාල ලෙස අවශ්‍ය වීම, ස්වාභාවික ආපදා, සතුන්ගෙන් වන හානි, ගින්නෙන් සිදුවන හානි වැනි ආකාර මගින් විනාශ වීමේ ඉඩකඩ ද වැඩි වීම.

05. 
ආදාන උපාංග (Input devices) යනු : 
පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුලු කිරීම සඳහා යොදා ගන්නා උපාංග (මූසිකය, යතුරු පුවරුව, සුපරීක්ෂකය/ ස්කෑනරය , තීරු කේත කියවනය, මයික්‍රෆෝනය, සංඛ්‍යාංක කැමරාව, වෙබ් කැමරාව , මාර්ග ගුලාව (Track Ball), ආලෝක පෑන, Joysticks, Pointing Stick, Touch Pad , Touch Screen, Digitizer (Graphic Tablet)

06.
ප්‍රතිදාන උපාංග (Output devices):
 පරිගණකය මගින් සකස් කරන ලද තොරතුරු / සංඥා පිටතට ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන උපාංගයි.
 සංදර්ශකය / මොනිටරය (Monitor), ශබ්ද විකාශන යන්ත්‍රය (Speaker) හා මුද්‍රකය (Printer), බහුමාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍රය (Multimedia projector)

07. 
ස්ථානීය උපාංග (Pointing devices):
 
පරිගණක තිරය මත ප්‍රදර්ශනය වන පික්සල (Pixels) සහ පික්සල කාණ්ඩ වලින් සැදුම්ලත් නිරූපක / අයිකන (Icons) ප්‍රවේශ කරමින් ඒවාට සම්බන්ධ ක්‍රමලේඛන (Programs) ක්‍රියාත්මක කිරීමට සමත් උපාංගයි.
මූසිකය (Mouse), ස්පර්ශක තිරය (Touch Screen), ස්පර්ශක තලය (Touch Pad), මාර්ග ගුලාව (Track Ball), ජොයිස්ටික් (Joysticks)

08.
මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් :
·         පාලන ඒකකය (CU - Control Unit)
·         අංක ගණිතමය හා තාර්කික ඒකකය (ALU – Arithmetic & Logic Unit)
·         රෙජිස්තර මතකය (Register Memory)
09. අංක ගණිතමය හා තාර්කික ඒකකය (ALU):
සියළු ගණනය කිරීම්, තාර්කික සැසඳීම් සිදු කරයි.

10. 
මතක රෙජිස්තර (Register memory): 
අංක ගණිතමය හා තාර්කික ඒකකයට අවශ්‍ය දත්ත විධාන තාවකාලිකව තැන්පත් කරයි.

11. 
පරිගණකයෙහි වේගය / ඝටිකා වේගය හෝ හෝරා ස්පන්ද වේගය (Clock speed): 
මධ්‍ය සැකසුම් ඒකකයේ වේගයයි. ඒකක Hz වේ. (MHz, GHz විය හැකිය.)

12. 
ආචයන උපාංග (බාහිර) – Storage devices: 
දත්ත ස්ථීරවම ගබඩා කරන මාධ්‍ය වන අතර ඒවා ද්විතීයක ආචයන (Secondary storage) මාධ්‍ය නම් වේ.
උපාංගය
මාධ්‍ය
ධාරිතාවය
නම්‍ය තැටිය (Floppy Disk)
චුම්භකිත
1.44 MB
සංගත තැටි (CD – Compact Disk)
ප්‍රකාෂ / ලේසර්
700 MB
සංඛ්‍යාංක බහුවිධ තැටි (DVD – Digital Versatile Disk)
ප්‍රකාෂ / ලේසර්
4.7 GB
දෘඩ තැටි (Hard Disk)
චුම්භකිත
500 GB, 1 TB
සැනෙලි මතක ධාවක (Pen Drive / USB Drive)
විද්‍යුත්
1 GB, 2 GB, 4 GB, 8 GB
චුම්භකිත පටි (Magnetic Tapes)
චුම්භකිත
1 TB, 2 TB
13. පරිගණක මව්පුවරුව (Computer Motherboard) :
 මධ්‍ය සැකසුම් ඒකකය, මතක ඒකක වැනි දේ මෙන්ම පරිගණකයේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීම සඳහා සවි කරනු ලබන අමතර පරිපථයන් (RAM Cards, VGA Cards, Network Cards, Processor), සමහර බාහිර මෙවලම් සහ උපාංග සවි කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයනු ලබන්නේ පරිගණක මව්පුවරුවයි. මෙය පද්ධති පුවරුව (System Board) ලෙසින් ද හඳුන්වයි. මව් පුවරුව මත අමතර පරිපථ සවි කිරීම සඳහා වූ ඉඩ සලසන ඒකකයන් ප්‍රසාරණ විවරයන් (Expansion Slots) ලෙසින් හඳුන්වනු ලැබේ.

14. 
පරිගණකයේ කෙවෙණි (Ports / Slots) :
 විදුලි රැහැන් සවිවන ස්ථානය (Power Socket )PS/2 ආකාරයේ කෙවෙණිශ්‍රේණිගත කෙවෙනි (Serial Ports), සමාන්තරගත කෙවෙනිය (Parallel Port), ජාලකරණ කෙවෙනි (Network Ports), පරිගණක තිර කෙවෙනිය (Monitor Port) / VGA Port, ශබ්ද උපාංග කෙවෙනි (Sound Ports), මොඩම් කෙවෙනිය (MODEM Port), විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය (USB – Universal Serial Bus ) Port

කෙවෙණිය
සවිකරන උපාංගය
විදුලි රැහැන් සවිවන ස්ථානය (Power Socket )
Power Cable
PS/2
Mouse, Keyboard
ශ්‍රේණිගත කෙවෙනි (Serial Ports)
Mouse, MODEM
සමාන්තරගත කෙවෙනිය (Parallel Port)
Printer, Scanner
ජාලකරණ කෙවෙනි (Network Ports) / RJ45
Network Cable
පරිගණක තිර කෙවෙනිය (Monitor Port) / VGA Port
Monitor / Projector
ශබ්ද උපාංග කෙවෙනි (Sound Ports)
Speaker, Microphone
මොඩම් කෙවෙනිය (MODEM Port)
MODEM Cable
විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය (USB – Universal Serial Bus ) Port

Mouse, Keyboard, Scanner, Printer, Web Camera, Modem, Joysticks, Track ball, Light Pen
HDMI කෙවෙනිය
Projector, TV

15. විශ්ව ශ්‍රේණිගත කෙවෙනි (USB – Universal Serial Bus) වල විශේෂ ලක්ෂණ: 
01. උපාංග සඳහා වන ධාවක / එළවුම් මෘදුකාංග (Driver Software) ස්ථාපිත කිරීම අනවශ්‍ය වේ. Plug and Play නම් වේ.
02.
උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විදුලිය කෙවෙනිය හරහාම ලබා ගැනීම.
03.
පරිගණකයේ විදුලිය විසන්ධි කිරීමකින් තොරව USB ආකාරයේ උපාංග සවිකිරීම (Plug) සහ විසන්ධි කිරීමේ (Remove) හැකියාව. මෙම ක්‍රියාවලිය Hot Pluggable නැතහොත් Hot Swappable නම් වේ.
04.
එක් USB කෙවෙනියක් මගින් ආකාරයේ උපාංග 127 ක් පරිගණකයට සම්බන්ධ කිරීමේ හැකියාව (USB Hub).
05. USB 2.0
ආකාරයේ වූ USB කෙවෙනි වලදී තත්පරයට මෙගාබිට්ස් 480 (480
Mbps)
ක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇත

16. ආචයනයේ ප්‍රධාන කොටස්:
  • ප්‍රාථමික ආචයනය (Primary storage)
  • ද්විතීයක ආචයනය (Secondary storage)
ප්‍රාථමික ආචයනය (Primary storage)
ද්විතීයක ආචයනය (Secondary storage)
උපාංග නිෂ්පාදනය කරනුයේ අර්ධ සන්නායක මගිනි.
උපාංග නිෂ්පාදනය කරනුයේ චුම්භක, ප්‍රකාශ තාක්ෂණය මගිනි.
RAM
Hard Disk, CD, DVD, Flash Drives, Magnetic Tape

17. මතකයේ මූලික ආකාර:
  1. සම්භාවී පිවිසුම් මතකය (Random Access Memory - RAM)
  2. පඨන මාත්‍ර මතකය (Read Only Memory - ROM)
  3. වාරක මතකය (Cache Memory)


18. ගති ලක්ෂණ අනුව මතකයේ ආකාර :
  1. නෂ්‍ය මතකය (Volatile Memory)
  2. නෂ්‍ය නොවන මතකය (Non – Volatile Memory)
නෂ්‍ය මතකය (Volatile Memory)
නෂ්‍ය නොවන මතකය (Non – Volatile Memory)
තැන්පත් කර ඇති දත්ත හා තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි වීමෙන් නැතිවී යයි.
තැන්පත් කර ඇති දත්ත හා තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි වීමෙන් නැතිවී නොයයි.
සසම්භාවී පිවිසුම් මතකය (RAM)
පඨන මාත්‍ර මතකය (ROM)

19. ප්‍රධාන මතකය (Main Memory) / සසම්භාවී පිවිසුම් මතකය (RAM) නෂ්‍ය මතකයක් නිසා එහි ඇති දත්ත හා තොරතුරු ස්ථීරව ද්විතීයක මතකයේ තැන්පත් කල යුතුය.
සසම්භාවී පිවිසුම් මතකය
පඨන මාත්‍ර මතකය
වාරක මතකය
නෂ්‍ය මතකයකි.
නෂ්‍ය නොවන මතකයකි.
නෂ්‍ය මතකයකි.
කාර්යය වනුයේ මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත සහ තොරතුරු තාවකාලිකව රඳවා තබා ගැනීම.
පරිගණකයක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ස්ථිරාංග තැන්පත් කර ඇත.
මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත ඉතාමත්ම ඉක්මනින් ලබා දීම මෙහි කාර්යයයි.


පරිගණකයේ කාර්‍යක්ෂමතාව කෙරෙහි බලපායි.
PROM, EPROM, EEPROM ලෙස ආකාර ඇත.
L1, L2, L3 ආකාර 3 කි.
ප්‍රධාන මතකයයි.

L1 වාරක මතකය මධ්‍ය සැකසුම් ඒකකය තුල පිහිටයි.
ධාරිතාවය වැඩි කල හැකිය.විශාලයි.
ධාරිතාවය ඉතාම කුඩායි.
ධාරිතාවය ඉතාම කුඩායි.
ආකාර 2 කි. ස්ථික සසම්භාවී පිවිසුම් මතකය (SRAM), ගතික සසම්භාවී පිවිසුම් මතකය (DRAM)



21. වාරක මතකයේ ආකාර:
ප්‍රාථමික වාරක මතකය (L1 Cache)
ද්විතීයක වාරක මතකය (L2 Cache)
 තෘතීය වාරක මතකය(L3 Cache)
සකසනය තුළ පිහිටා ඇත. ධාරිතාවය ඉතාම කුඩායි. ප්‍රවේශ ඉතාමත්ම වැඩියි.

සකසනයට ආසන්නයෙන් පිහිටයි.
මව් පුවරුවේ පිටා ඇත. ධාරිතාවය තරමක් වැඩියි. ප්‍රවේශ වේගය අඩුයි.

22. සංදර්ශක / පරිගණක තිර (Monitors) වර්ග: 
  • කැතෝඩ කිරණ සංදර්ශකය (CRT – Cathode Ray Tubes)
  • ද්‍රව ස්ඵටික සංදර්ශකය (LCD – Liquid Crystal Displays)
  • ආලෝක විමෝචක සංදර්ශකය (LED – Light Emitting Diode)

23. ද්‍රව ස්ඵටික තාක්ෂණයෙන් නිපදවූ පරිගණක සංදර්ශක තිර වල ලක්ෂණ  (LCD Monitors): 

  • අඩු ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත් වීම (Less Space)
  • ඉතා අඩු විදුලි පරිභෝජනය (Less Power Consumption)
  • තිරයේ සෙලවීම අඩු බව (Lack of Flicker)
  • සාපේක්ෂව මිල අධික බව (Expensive)
  • දර්ශනය වීම සීමිත පරාසයක වීම (Limited Viewing Angle)
  • ප්‍රතිචාර දැක්වීමට අවම කාලයක් ගතවීම (Less response time)

24. සංදර්ශකයක ගුණාත්මක භාවය තීරණය කරන සාධක:  
  • තිරයේ ඒකකයක් තුල පිළිබිඹු කල හැකි පික්සල ගණන (විභේදනය - Resolution, Ex: 1024 x 768),
  • පිළිබිඹු කල හැකි වර්ණ ගණන
  • පිටතට නිකුත් කරන අහිතකර විකිරණ ප්‍රමාණය (Radiation)

25. මුද්‍රණ යන්ත්‍ර වර්ගීකරනය :
  • තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍රය (ඝටන මුද්‍රණ) - Dot Matrix Printer
  • තීන්ත පිහිරි මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Ink Jet Printer
  • බුබුළු පිහිරි මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Bubble Jet Printer
  • ලේසර් මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ ) – Laser Printer

29. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වර්ග කි.
  1. නියමු මාධ්‍ය (Guided Medium)
  2. නියමු නොවන මාධ්‍ය (Un – Guided Medium)

30. නියමු මාධ්‍ය (Guided Medium)

  • සාමාන්‍ය ආකාරයේ වයර / ඇඹරි කම්බි යුගල (Twisted Pair Cables)
  • සමාක්ෂ යොත් (Coaxial Cables ) - රූපවාහිනී කේබ
  • ප්‍රකාශ තන්තු (Fiber Optics) - දුරකථන රැහැන් වල

31. නියමු නොවන මාධ්‍ය (Un – Guided Medium)
  • ගුවන් විදුලි තරංග - රේඩියෝ තරංග
  • අධෝරක්ත කිරණ - දුරස්ථ පාලක වල, මූසික වල
  • ක්ෂුද්‍ර තරංග - චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ දී
  • Bluetooth / Wi-Fi  

32. දත්ත සම්ප්‍රේෂණ ආකාර :

  • ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය (Serial Data Communication)
  • සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය (Parallel Data Communication)

33. ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය (Serial Data Communication)

දත්ත බිටු එකක් පිටුපස එකක් ගමන් කරයි. බොහෝ වේලාවක් ගතවේ. මූසික යතුරු පුවරු සඳහා සුදුසුයි.

34. සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය (Parallel Data Communication)

එකවර දත්ත බිටු කිහිපයක් ගමන් කරයි.වේගවත්ය. විශාල වශයෙන් දත්ත හුවමාරු කරන උපකරණ සඳහා සුදුසුයි. මුද්‍රක හෝ ස්කෑනර් යන්ත්‍ර.

35. දත්ත සම්ප්‍රේෂණ විධි / ප්‍රධාන ආකාර:
  • ඒකපථ (Simplex)
  • අර්ධ ද්වීපථ (Half Duplex)
  • පූර්ණ ද්වීපථ (Full Duplex)

37. ඒකපථ (Simplex) :
දත්ත එක් දිශාවකට පමණක් ගමන් කරයි. රූපවාහිනී / ගුවන් විදුලි සන්නිවේදනය

38. අර්ධ ද්වීපථ (Half Duplex): 
එක් වරකට එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය වේ. වෝකි - ටෝකි උපකරණය, එක උමගක් තුළින් දෙදිශාවට ගමන් කරන දුම් රිය දෙකක්

39. පූර්ණ ද්වීපථ (Full Duplex) :
එකම අවස්ථාවේ දී දිශා දෙකටම දත්ත සම්පේෂණය කිරීම. දුරකථනය

40. පරිගණක ජාලයක් (Network) යනු :
පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරමින් සකස් කරනු ලබන පරිගණක පද්ධතියකි.

41. පරිගණක ජාල වල වාසි :

  • වේගය ඉහළයි.
  • වියදම අඩුයි. වියදම් වන්නේ ජාලය ස්ථාපිත කිරීමට පමණි.
  • ආරක්ෂාව ඉහළයි.(ගිනි පවුරු / ප්‍රතිවෛරස මෘදුකාංග )
  • මධ්‍යගත මෘදුකාංග පාලනය


42. දත්ත සම්ප්‍රේෂණ වේගය:
තත්පරයක් තුළ සම්ප්‍රේෂණය කරනු ලබන බිටු ප්‍රමාණයයි. ඒකක bps, Kbps, Mbps, Gbps

43. පරිගණක ජාල වල අවාසි :
  • ඇතැම් ජාල වල මැද පිහිටි පරිගණකය බිඳ වැටීමෙන් මුළු ජාලයම අක්‍රීය වීම.
  • ජාල පද්ධතියේ ඇතැම් විට දෝෂ හට ගැනීම.
  • බාහිර පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව.
  • ජාලය පාලනය කිරීමට දැනුමැති පුද්ගලයින් අවශ්‍ය වීම.

44. ජාල ස්ථල විද්‍යාව (Network topology) යනු:
පරිගණක ජාලගත කිරීමේදී ඒවා භෞතිකව ජාලයට සම්බන්ධ කරන ආකාරයයි.
  • තරු ආකාරයේ පරිගණක ජාල (Star Topology)
  • මුදු / වළලු ආකාරයේ පරිගණක ජාල (Ring Topology)
  • බස් ආකාරයේ පරිගණක ජාල (Bus Topology)
  • රුක් ආකාරයේ පරිගණක ජාල (Tree Topology)

45. තරු ආකාරයේ පරිගණක ජාල (Star Topology) :
මැද ජාලකරණ ස්විචයක් හෝ නාභියක් තබා එයට පරිගණක හෝ මුද්‍රණ යන්ත්‍රයක් හෝ ස්කෑනර් යන්ත්‍රයක් සවි කරයි. මධ්‍යයේ උපකරණයට හානි සිදුවුවහොත් මුළු ජාලයම බිඳවැටේ. ජාලය ස්ථාපනය කිරීම පහසුයි. දෝෂ සෙවීම පහසුයි.

46. මුදු / වළලු ආකාරයේ පරිගණක ජාල (Ring Topology) :
පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට අඩු වයර ප්‍රමාණයක් යයි. එක් පරිගණකයක් ක්‍රියා විරහිත වුවහොත් මුළු ජාලයම අඩපණ වේ.

47. බස් ආකාරයේ පරිගණක ජාල (Bus Topology):
ප්‍රධාන වයරයක් කේන්ද්‍රකොටගෙන සියළු පරිගණක එයට සම්බන්ධ කර ඇත. අඩු වයර ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඉතා පහසුවෙන් පරිගණක ජාලයට සවිකල හැක. සම්පූර්ණ ජාලයම ප්‍රධාන වයරය මත යැපීම සහ වයරයේ දෙකෙලවරවල් වසා දැමීම කරදරකාරී ක්‍රියාවකි.

48. රුක් ආකාරයේ පරිගණක ජාල (Tree Topology): 

ගසක අතු බෙදෙන ආකාරයේ සකස් කර ඇත. එක් එක් අත්ත වෙන වෙනම පාලනය කළ හැකිය. ජාලය ගොඩනැගීම සංකීර්ණයයි. ප්‍රධාන වයරය මත ජාලයම යැපීම අවාසියකි.

49. පරිගණක ජාල ආකාර:
               ස්ථානීය ප්‍රදේශ ජාල (LAN) : කුඩා ප්‍රදේශයක පැතිරී පවතින ජාලයකි. පාසලක් විද්‍යාගාරයක්
               පුරවර ප්‍රදේශ ජාල (MAN) : ප්‍රාදේශීය වශයෙන් ආයතනයක ශාඛා
               පුළුල් ප්‍රදේශ ජාල (WAN) : විශාල ප්‍රදේශයක පැතිරී පවතින ජාල , අන්තර්ජාලය
විශාලත්වය අනුව, LAN < MAN < WAN

50. ජාලකරණ උපාංග :
          මොඩම් උපකරණය (MODEM) - සංඛ්‍යාංක සංඥා, ප්‍රතිසම තරංග බවටත් ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක සංඥා බවටත් පරිවර්ථනය කිරීමට යොදා ගනියි.
          ජාලකරණ නාභිය (Hub) -  පරිගණක විශාල සංඛ්‍යාවක් ජාලයට සවි කිරීමට යොදා ගනියි. බුද්ධිමත් උපාංගයක් නොවේ.
          ජාලකරණ ස්විචය (Switch) - පරිගණක විශාල සංඛ්‍යාවක් ජාලයට සවි කිරීමට යොදා ගනියි. බුද්ධිමත් උපාංගයකි.
          ජාලකරණ අතුරුමුහුණත් කාඩ්පත (NIC) - පරිගණකයක් ජාලයට සම්බන්ධ කිරීමට යොදා ගන්නා කෙවෙනිය පිහිටා ඇත.

51. සේවා යෝජක පරිගණක  (Server Computer):
පරිගණක ජාලයට අවශ්‍ය කරන සේවාව සැපයීමට යොදා ගනු ලබන විශේෂිත පරිගණකයි.
DNS Server, DHCP Server, WWW Server

52. අන්තර්ජාලය (Internet) :
ලොව පුරා විසිරී පවතින පරිගණක විශාල ප්‍රමාණයක් සම්බන්ධ වීමෙන් නිපදවා ඇති අන්තර්ජාලයට කිසිදු අයිතිකරුවකු නැත. මධ්‍යගත පලනයක් නැත. අන්තර්ජාලයේ සේවාවන් වන්නේ විද්‍යුත් තැපෑල, විශ්ව විසිරි වියමන සහ ගොනු හුවමාරුවයි. අන්තර්ජාල සේවාව ලබා ගැනීමට අප විසින් 'අන්තර්ජාල සේවා සැපයුම්කරු  (ISP)' හා සම්බන්ධ විය යුතුය. උදා: Dialog, Mobitel, Suntel

53. අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවශ්‍ය උපාංග :
  • පරිගණකයක් (Computer)
  • සන්නිවේදන මෘදුකාංගයක් (Communication Software)
  • දුරකථන සම්බන්ධතාවයක්(Telephone Line)
  • මොඩම් යන්ත්‍රයක් (MODEM)
  • අන්තර්ජාල සේවා සපයන්නෙක් (ISP – Internet Service Provider)

54. අන්ත: ජාලය (Intranet) :
අන්තර්ජාලයේ භාවිතා කරනු ලබන උපාංග සියල්ලක්ම භාවිත කරමින් තම ආයතනයේ අභ්‍යන්තර පුද්ගලයින්ට පමණක් පිවිසිය හැකි ජාලයකි.  ජාල ආරක්ෂණ උපාංග වන ගිණි පවුරු, ප්‍රතිවෛරස මෘදුකාංග යොදා ගනියි.